මීගමුවේ කප්පම් මන්ත්‍රිලාට නගරාධිපතිගේ ආරක්ෂාව..???

0
127

night-b-2-300x225මීගමුවේ දුම්රිය පල අසල නාගරික සාප්පු සංකිර්ණටය යාබද ඉඩම නගරා සභාව විසින් මාස 6 කට කුලියට ගෙන තිබුනේ ලංකා බැංකුව අවට පදික වේදිකාවේ වෙළදාමේ යෙදුන වෙළදුන් 25 දෙනෙකුට තාවකාලිකව සිය වෙළදාම් කටයුතු කරගෙන යාම සදහා බව කියමිණි.මෙම කඩමෙහෙයුම භාරව සිටියේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි පරිස් විසිනි.
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් මේ ඉඩම නගර සභාව ලබාගෙන තිබුනේ කොන්දේසි ගණනාවකට යටත්ව තිබුණි.
ඉන් ප්‍රධාන ඒවා වුයේ කිසිදු ස්ථිර ඉදිකිරිමක් නොකරන බවය.එමෙන්ම එහි තාවකාලික කඩ ඉදි කරනු ලබන්නේ වෙළදුන් 25 දෙනෙකුට පමණක් බවය.
නගරාධිපතිගේ පොරොන්දුව  එසේ වුවත් මෙහි ඉදිවි ඇත්තේ තාවකාලික කඩ නම් නොවන බව අප මීට ඉහතදි කරුණු සහිතවම වාර්ථා කළෙමු.
ස්ථිර කඩ ඉදිනොකරන්නේ යැයි කි නගරාධිපතිගේ අනුමැතියෙන් මේ කඩ සදහා  විදුලිය පවා ලබාගෙන ඇතැම් කඩ වායු සමිකරණයද කර ඇත.
එමෙන්ම කඩ 25 ක් වෙනුවට නගරාධිපතිගේ අත්සනින් යුතුව කඩ 48 ක වෙළදුන්ගෙන් මුදල් අයකරගන්නා ලෙසින් අත්සන් තබා ඇත.
මේ කඩවලින් අයකරගතු යුතු මුදල් ප්‍රමාණයක් ගැන කිසිදු සදහනක්ද නැත.එකක් නම් පැහැදිලිය මේ කඩ විකිණිමේ කටයුත්ත භාරව සිටි පරිස් මන්ත්‍රිවරයාට අළුත් මෝටර් රථයක් ලබාගැනිමට තරම් අාදායමක් ලබන්නට ඔහුට පමණක් හැකිව තිබේ.මේ පිටුපස සිටින අයගේ මල්ල පිරුණු අකාරය ගැන තොරතුරු අප සතුව නැත.
මීගමුව නගරාධිපතිවරයා සිය තනතුරු අරභයා අර්බුදයක සිටි. මහනගර සභාවේ වසර දෙක පිරෙන්නට නියමිතව අැත්තේ මේ ඔක්තෝබර් වලදිය.ඉන්අනතුරුව නගරසභාවේ නගරාධිපතිධුරය ඉතිරි වසර 2ක සදහා දායන් ලංසා වෙත ලබාදිම සදහා ඔහුගේ පියා ප්‍රමුඛ බලවේගය දැන් ක්‍රියාත්මකය.
මෙවන් පසුබිමක් තුල නගරාධිපතිවරයා එක්කෝ හොරු සමග හෙළුවෙන්ම විසිය යුතුය.නැතිනම් අඵත් ගමනක් යාමට පටන් ගත යුතුය. ඒ ගමන යනු මේ සියළු හොරුන් සහ කප්පම්කරුවන්ගේ ගෙල මුලටම තොණ්ඩු දමා මට්ටු කරමිනි.
එහෙත් එය ඔටුවෙකුට ඉදිකටු සිදුරකින් ඇතුළුවිමට ඇති හැකියාවටත් වඩා අභියෝගයකි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here