මීගමුවේ කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂකරුන් දේශපාලකයින්ගේ හෙංචයිලා ද?

0
72

මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂකවරයාට පසුගියදා වෙනත් කලාපයකට
මාරුවීමක් ලැබීණි. ඔහුගේ මෙම මාරුවීම  සිදුකරුණේ කුමන  හේතුවක් මතද යන්න අනාවරණය නොවූ අතර එය දේශපාලන අතපෙවීමක් බවට සැක කිරීමට සිදුවිය. හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වන ජගත් පුෂ්පකුමාර මහතා පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ  නිලධාරියෙකු
වන අතර මේ වන විටත් මීගමුව අධ්‍යාපන කාර්යාලයට නව අධ්‍යක්ෂකවරයෙකු පත්කර නැති
බවට වාර්තාවේ. මීගමුව අධ්‍යාපන කලාපයට අලුතෙන් අධ්‍යක්ෂකවරයෙකු පත්වුවත් මෙහි දී ගැටළුවක් ලෙස මතුවන්නේ,මෙම නිළධාරීන්ගේ
පත්වීම් හා මාරුකිරීම් වල ඇති පදනම කුමක්ද යන්නයි. එම මාරුකිරීම හෝ පත්කිරීම් මෙම
කලාපයේ අධ්‍යාපනය හා සම්බන්ධ සෘජු  කාරණා වන්නේ නම් එය ශිෂ්‍යාවන්ගේ හා ගුරුවරුන්ගේ යහපත වෙනුවෙන් විය යුතුය. නමුත්  අලුතින් තාවකාලිකව හෝ සිදුකර ඇති
පත්වීමට අධ්‍යාපනය සම්බන්ධ බවක් නම් පෙනෙන්නට නැත