මීගමුවේ කලු සල්ලි දේශපාලනය ගැන කෙලින් කථාකරන මිනිහෙක් ලබන සතියේ මැතිවරණ සටනට !

0
122

heavily-muscled-man-arm-wrestling-600w-93305002මීගමුවේ ඇත්තේ දැන් ඇල්මැරුණ දේශපාලනයකි. ඒ පතෝල විපක්ෂ මන්ත්‍රින් බහුතරයක් මිගමු ජනතාව විසින් පසුගිය පළාත් පාලන මැතිවරණයේදි පත්ව යවා තිබිම හේතුවෙනි.
මැතිවරණ කොට්ටාශ 29 න් 19 ක් ජයගනිමින් මිගමුවේ බදු ගෙවන ජනයා පත්කළ නාගරික මන්ත්‍රිලාට දැන් ඇත්තේ පුද්ගලිල න්‍යාය පත්‍රයන් මිස ජනතා න්‍යාය පත්‍රයන් නොවේ.
මේ නිසාම මිගමුවේ කලු සල්ලි දේශපාලනය බඩ පිණුම් ගසමින් මහජන දේපල බදුමුදල් සිය පවුලේ බූදල සේ කටයුතු කරගෙන යමින් සිටිති.
ආමත්‍යංශ 12 ක බලයත් නගරය පාලනයේ බලයත් අභියෝගයට ලක්කරමින් රාජපක්ෂලාට අන්ත පරාජයක් මිගමුව තුල අත්කර දෙමින් ගම්පහ දිස්ත්‍රික්කය පවා දිනවා දෙන්නට සමත් ඡන්ද පදනමක්  එදා මිගමුව තුල ගොඩනැගි තිබුණි.
එජාප නායකත්වයත් ,ඇතැම් එජාප අවස්ථාවාදි දේශපාලකයනුත් නිසා මිගමුව අද කලු සල්ලිකාරයන්ගේ රජදහනක් කිරිමට අවැසි වටපිටාව සැකසුණි.
එයට අභියෝග කළ හැකි මැදිහත්විමක අවශ්‍යතාවය මිගමුවට දැන් තදින්ම දැනේ.
ඒ කටත් ,කොන්දත් පණ නැති ඉන්න විපක්ෂ මන්ත්‍රිලාට ඒ හයිය නැති නිසාවෙනි.
ලබන සතිය මේ පසුබිම තුල තිරාණාත්මක වන්නේ එබැවිනි.
එතැන් සිට දේශපාලන පොරපිටිය මීගමුවේදිද උණුසුම් වෙනු ඇත.