මීගමුවේ කාණු පද්ධතිය පිරිසිදු කිරිමේ ඒකාබද්ධ මෙහෙයුමක් ඇරඹේ !

0
1441

wp 1686145378723wp 1686145378845මීගමුව නගරය අපිරිසිදු යැයි කියා විදේශිකයන්ද දැන් මිගමුවට පැමිණිම මගඅරිමින් සිටිති. මේ අතර ඩෙංගු රෝගින් ගණනද දිනපතා ඉහල යමින් තිබේ.
මේ ආකාරයෙන් නගර තුල සෞඛ්‍ය ගැටලු ගණනාවක් මතුව ඇති පසුබිමක මිගමු සංවර්ධන පදනමේ සභාපති වෛද්‍ය ඉයන් මහතාගේ මැදිහත්විමෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ මිගමු කලාපයේ ඉජිනේරු රුවන් මහතා මිගමුවේ කාණු පද්ධතියේ පිරිසිදු කිරිම් කටයුතු සදහා ඒකාබද්ධ මෙහෙයුමකට දායකත්වය ලබා දි තිබේ.

wp 1686145448431wp 1686145448518wp 1686145448480wp 1686145448401wp 1686145378921

ඒ සදහා මිගමුව නගරික කොමසාරිස්වරයාගේ මෙන්ම මිගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ නිලධාරින්ගේද උපරිම දායකත්වය ලැබි තිබුණි.
එමෙන්ම මිගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකකතුමන් මෙන්ම රථවාහන අංශයේ මුලස්ථාන පොලිස්පරික්ෂක තුමාද මේ කටයුත්තට සිය උපරිම සහය ලබාදිමට මැදිහත්වි සිටිති.
කාණු කැට අතර සිරවි ඇති විවිධ අපද්‍රව්‍ය නිසා ජලය බැස නොයාම  මුළු නගරය පුරාම බරපතල අර්බුදයක් නිර්මාණය කර තිබේ.
මේ පසුබිම තුල කාණු කැට ඉවත් කර ඒවා පිරිසිදු කිරිමට දැන් පියවර ගෙන තිබේ
wp 1686145378891

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here