මීගමුවේ කාන්තා රැඳවියෝ විරෝධතාවය අවසන් කොට වහලෙන් බිමට බසිති..

0
85

DSCF8987( 9.30 am )  රටපුරා පැතිර ගිය බන්ධනාගාර විරෝධතා රැල්ලට එක්වු නවතම සිදුවිම වි තිබුනේ ඊයේ දවල් කාලයේ සිට මිගමුවේ කාන්තා රැදවියන් පිරිසක් බන්ධනාගාර වහල මතට නැගි විරෝධතාවයකට එක්ව සිටිමයි.
ඔවුන්ගේද ප්‍රධානතම ඉල්ලිම වි තිබුනේ ඇප ලබා දෙන ලෙසයි.රටපුරා පැතිර ගිය කොරෝනා වසංගත බිය හමුවේ බන්ධනාගර තුලින් මතුව ආ ප්‍රබලතම ඉල්ලිම වුයේ එයයි .
ඒ වෙනුවෙන් ඊයේ දහවල් සිට හඩ නැගු ඔවුන් අද පෙරවරු  6 ට පමණ විරෝධතාවය අවසන් කොට බන්ධනාගාර වහලය මතින් බිමට බැස තිබුණි
නිවසක් තුල පරිස්සමට සිටින බහුතරයක් ජනයා පවා බියෙන් සලිතව සිටියදි කුඩා කාමරයක් තුල දහපාලොස් දෙනෙක් එක පොදියට සිටින්නට වි ඇති පසුබිමක එවන් බියක් ඇතිවිම අතිශය මානුෂික කරුණකි.
මහර නොසන්සුන් තාවය පෙත්තට ලඝුකරන්නට හදන මෝඩ දේශපාලකයන් තේරුම් නොගන්නා යථාර්ථය වන්නේද මෙයයි.
මහර රැදිවියෝ කියා සිටියේ ඔවුන් කඩිනමින් PCR පරික්ෂණ වලට යොමුකරවන ලෙසය.
ඒ නිසා ඇතිව තිබුන නොසන්සුන් තාවයට රජය සිය සුපුරුදු පිලිතුරු  මෙහිදිද දි තිබුණි.
කෙසේ වෙතත් බන්ධනාගාර ප්‍රශ්ණය තවමත් එතනය .ඇමති මාරු කළද නැතද එයට තවමත් විසදුම් නැත