මීගමුවේ කුණු අර්බුදය ජයගන්න ජනතා සහය පතයි !

0
303
kunu NGB 20නිවෙස් වලින් කුණු ඉවත් දැමීමේදී දිරන නොදිරන කුණු ලෙස වෙන් කරන මෙන මීගමුව නගර සභා සෞඛ්‍ය අංශය මීගමු ජනතාවගෙන් ඉල්ලයි
  පසුගිය දිනවල මීගමුවේ ඇති වූ කුණු ගැටලුවට හේතුව වන්නේ කොච්චිකඩේ ඔවිටියාවත්ත ප්‍රදේශවාසින් කුණු වල සම්බන්ධ කල විරෝධය හේතුවෙනි.උසාවි නියෝගයක් පරිදි එම කුණු වලට කුණු දැමීමට අධි කොන්දේසි සහිතව ඉඩ ලබා දී ඇත.එම කොන්දේසු වල ප්‍රධාන කාරණාව වන කුණු වෙන කර දැමීම හා නොදිරන කුණු අවම කිරීම යන්නයි.ඒ හේතුවෙන්  මිගමු නගර සභා කුණු ට්‍රැකටර් රථ කුණු එකතු කිරීමේදි වෙන් කිරීමක් සිදු කරයි.එයට පහසුවන පරිදි නිවෙස් වලින් කුණු බැහැර කිරීමේදි දිරන කුණු හා නොදිරන කුණු වෙන් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටි.එමෙන්ම නොදිරන කුණු එකතු කරන්නේ සතියකට එක් වරක් බව ජනතාවට දැනුම් දෙයි.