මීගමුවේ කුප්‍රකට කඩ කැඩිල්ලේ තවත් තොරතුරු හෙළිවේ !

0
120

මීගමු දේශපාලන සමාජය තුලද දැඩි කතා බහකට ලක්ව ඇති කාමච්චෝඩේ මිරිස් මෝලක් පවත්වාගෙන ගිය කඩයක් ඊයේ ( 06) අලුයම 3 ට පමණ මිගමුව මහනගර සභාවේ නිළධාරින් මෙන්ම නිළධාරිනියන්ද කම්කරුවන්ද සමගින් පැමිණ කඩ දමා තිබුණි.එසේ කඩා දමා ඇත්තේ මිගමුවේ පළාත් පාලන ආයතනයේ බලය ලබාගැනිම සදහා පොහොට්ටු සන්ධානයෙන් තරග කළ ශ්‍රිලනිප අපේක්ෂකයෙකුගේ විමද තවත් විශේෂත්වයකි.
මිරිස් මෝල කරගෙන ගිය බදු කරු වසර 46 ක් තිස්සේ වැල්ලවිදිය පාරේ කාමච්චෝඩේ ප්‍රදේශයේ මේ කඩය පවත්වාගෙන ගොස් තිබුණි.
මෙහිදි මේ කඩයේ හිමිකරු සහ බදුකරු අතර ඇතිවු යම් ආරවුල් තත්වයක් තුලදි කඩේ හිමිකරුට මෙම බදුකරුව මෙම ස්ථානයෙන් ඉවත් කරගැනිමට අවැසිව තිබුන අතර එ කොන්ත්‍රාත්තුවට අත ගසා ඇතැයි මේ බදුකරු‌ගේ පාර්ශවය විසින් චෝදනා කර සිටින්නේ නගරාධිපති ගේ සුව සෙත සදහා කැපවි සිටි එජාප නාගරික මන්ත්‍රි බඩියක් ගැනය.
ඔහුට සහය ඩැනි කෙනෙකු ලෙසින් එජාපය තුල සිටිමින් ලංසා පවුල වෙනුවෙන් ලැජ්ජාවක් නැතිව කපටි දේශපාලනයක නියැලි සිටින වැඩ බැරි ටාසන් කෙනෙකුද වේ .එවන් අවස්ථාවාදින් සිටින තාක් කල් මිගමුව තුල එජාප බලයක් නැවත ගොඩනැගිම සැබැවින්ම අර්බුදයක් බව නම් දැන් ඉතා පැහැදිලිය.
කෙසේ වෙතත් ආදාල කඩ හිමිකරු ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් මෙම ගොඩනැගිල්ල කඩා ඉවත් කරගැනිමට ඉල්ලා තිබුන අවසරයට ප්‍රතිචාර ලබාදෙමින් කියා ඇත්තේ එක්කෝ කැඩිම හෝ අලුත්වැඩියා කිරිමට කටයුතු කරන ලෙසය.
එහෙත් නගර සභාවට කඩ කඩන්නට යැයි ඉන් පසවා නැත .
තතු එසේව තිබියදි ඊයේ අලුයම මේ කුප්‍රකට කඩ කැඩිල්ලේ මෙහෙයුමට පැමිණ සිටි තුන්වෙනි පංතියේ කොමසාරිස්වරිය සහ නගර සැලැසුම් නිළධාරිණියන් දෙදෙනා කව්දැයි දැනටමත් හෙළිව තිබේ.,එමෙන්ම මේ මෙහෙයුමට මිගමුවේ සිටින කුප්‍රකටම දුෂිත තාන්ෂණික නිළධාරියෙකුද සම්බන්ධව ඇති අතර මේ මිරිස් මෝල කඩා ගෙන ගොස් ඇති ලක්ෂ ගානක් වටිනා කුලු බඩු සගවා තබාගෙන ඇත්තේ ඔහු විසින් බව කියැවේ.

බස්නාහිර පළාතේ ප්‍රබල වානිජ නගරයක් ලෙසින් දියුණු කළ හැකිව ඇති මිගමුවට එ අවස්ථාව මුල සිටම ගිලිහි ගොස් ඇත්තේ උගත්කමක් හෝ කිසිදු වෘත්තිය පරිචයක් නැති නගරාධිපතිවරයෙකු සහ තුන්වෙනි පංතියේ දේශපාලන අධිකාරියේ පදයට නැටවෙන නාගරික කොමසාරිස්වරියක සිටිමය.

මෙම මිරිස් මෝල කඩා දැමිම මුල සිටිම විඩියෝ කරමින් සිය දේශපාලන හාම්පුතාට යැවිමට කටයුතු කළ සිය වෘත්තියට පවා නිගාදෙන නිළධාරිණියක් ගැනද දැන් ප්‍රසිද්ධ වි ඇත.
බැකෝ යන්ත්‍ර එලවා ඇත්තේ එරික් නැමැත්තෙකි.මේ මෙහෙයුම සදහා L0 1905 ,LO3349 යන ටිපර් රථ යොදාවාගෙන තිබුණි.ධම්මික සහ අජිත් යන අය ඒවායේ රියදුරන් ලෙස කටයුතු කර තිබේ.

තමන් කිසිදු අයිතියක් නැති කඩයක් මේ ආකාරයෙන් අලුයම සිට දැවැන්ත මෙහෙයුමක් යොදවා කඩා දැමිමට පසුබිම් වන කරුණු 2 කක් තිබේ.
එකක් වන්නේ එජාප මන්ත්‍රි බඩියකට අයිතිකරුගෙන් ලැබුනා කියන දැවැන්ත මුදලය.අනික් කරුණ වන්නේ ශ්‍රිලනිපයෙන් වැල්ලිවිදියේ ඡන්දය ඉල්ලු ප්‍රබල අපෙක්ෂකයෙකු හා නගරාධිපති වරයා අතර පවතින පුද්ගලික අමනාපයයි.

මේ අමනාපයට හේතුවද ප්‍රසිද්ධ කරුණකි. එනම් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි නගරාධිපති දයාන් ලංසාගේ සහෝදරයාට වැඩ නොකර ඉන්දික අනුරුද්ධට ශශි විසින් සහය පළකිරිමය.
එවැනි අවස්ථාවාදි අතිශය පුද්ගලික දේශපාලකයන්ගේ උවමනාවන් වෙනුවෙන් රෙදි ඇදගෙනම සිය වෘත්තිය ජිවිතය පාවා දෙන නිලධාරින් සහ නිළධාරිණියන් පිරිසක් මිගමුව මහනගර සභාවේ සේවය කිරිමම නගරයට ඇති දැවැන්තම ශාපයයි .