මීගමුවේ කොන්ත්‍රාත්කරුවෙකුට ලංසා පවුලෙන් මිලියන 3 ක පොල්ලක් ?

0
123

lansa 2මීගමුවේ කොන්ත්‍රාත්කරුවෙකු හට ලංසා පවුලෙන් රු මිලියන 3කටත් වඩා වැඩි ගෙවිමක් දැනට වසර ගණනාවක සිට පියවිමට නියමිතව තිබුනද ඒ ගැන කිසිදු පියවරක් මේ වන විටත් ගෙන නැතැයි  වාර්ථා වේ.
මේ අකාරයෙන් තවත් කොන්ත්‍රාත්කරුවන් රැසකට විවිධ ගණන්වලින් තවමත් මුදල් ගෙවන්නට ඇතැයි කියැවේ.
හිටපු ඇමති බැසිල් රාජපක්ෂ හා එක්ව රටපුරා පාරවල් ඉදිකිරිම් ඇතුලු තවත් බොහෝ  ඉදිකිරිම් හා සම්බන්ධව සිටි ඇමති නිමල් ලංසා හට දැන් ලැබි ඇති ඇමතිධුරය හරහා එවැනි දෑ කිරිමට නොහැකිව ඇති පසුබිමක මෙසේ කොන්ත්‍රාත්කරුවන් හට විවිධ ගණන්වලින් පොලුතබා ඇති බව කියැවේ.
මේ න්‍යාය අනුව යමින් හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාද ඉහත සදහන් කොන්ත්‍රාත්කරු හට රු මිලයනකටත් වඩා හිගමුදලක් දැන් වසර ගණනාවක් තිස්සේ ගෙවන්නට ඇතැයිද සැලය.