මීගමුවේ කොරෝනා ආසාදිතයන් 4 ක් ! කටුනායකත් ආසාදිතයන් 5 ක් !

0
84

Covid-testකටුනායක පොලිස් බල ප්‍රදේශය තුළ  කොරෝනා ආසාදනය වූ රෝගීන් 05 දෙනෙකු අද සවස වනවිට වාර්තා වන බව කටුනායක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා පවසා ඇතැයි අද වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ

ඔවුන් අතරින් සිව් දෙනෙකු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන සේවකයින් බව ද පොලිස් ස්ථානාධිපතිවරයා පවසා ඇතැයි වැඩිදුරටත් එහි සදහන්ය

මොවුන් අතරින් තිදෙනකු හීනටියන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර , ඉතිරි දෙදෙනා මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවයේ නියුතු ආඩිඅම්බලම , දැවමොට්ටාව ප්‍රදේශයේ පදිංචි  සේවිකාවක් සහ ඇයගේ දරුවෙකු වෙයි.

මේ අතර මිගමුවේත් කොරෝනා ආසාදිතයන් 4  දෙනෙකු සිටින බව වාර්ථාවේ. මේ අය මුන්නක්කරය, පිටිපන  පල්ලන්සේන සහ තලාදුව යන ප්‍රදේශවලින් බව වාර්ථාවේ