මීගමුවේ කොරෝනා ආසාදිතයන් ගණන 105 දක්වා ඉහලට !

0
108

PCR 1පෑලියගොඩ මාළු වෙළඳ සැල කේන්ද්‍ර කොටගත් තවත් 11දෙනෙකුගේ  පරික්ෂණ වාර්තාවලට අනුව ඔවුන් වෛරසය ආසාදිත වුවන් සේ හඳුනාගෙන ඇත.ඒ අනුව මීගමුවේ මුළු කොරෝනා ආසාදිතයන් ගණන 105 දක්වා ඉහල ගොස් ඇතැයි සෞඛ්‍ය බලධාරින් පවසා සිටිති.

ඊයේ දිනයේද මිගමුව වාරාය  ජැටියේ සේවකයන් ඇතුළු පිරිසක් සඳහා PCR පරික්ෂණ සිදුකර තිබුණි.

කෙසේ වෙතත් මීගමුවේ තත්වය බරපතල අර්බුදයක් කරා ගමන් කරමින් තිබේ.එය කළමණාකරන කිරිම සඳහා මහජන පරික්ෂකවරුන් මහත් වෙහෙසක් ගනිමින් කැපකිරිම් රාශියක් කරමින් සිටිති.එහෙත් අවාසනාව වි ඇත්තේ මේ බියකරු තත්වයට සැලැසුම් සහිතව මුණ දිමට අවැසි පියවර ගැනිමට මිගමු මහනගර සභාව තුල මුදල් නොමැතිවිමය.එය සැබැවින්ම දැන් ඇත්ටත් බංකො⁣ලොත් තත්වයකය.මේ පසුබිම යටතේ නිරෝධායනයට ලක්වන පවුල් වලට පවා යම් ආධාරයක් කළහැකිව ඇත්තේ තවත් අයගෙන් ඉල්ලා මිස නගර සභා⁣වේ මුදල් වලින් නොවේ.පසුගිය මැතිවරණ සමය තුල ඒ සියලු මුදල් මනාප සටන වෙනුවෙන් නගරාධිපති දයාන් ලංසා අතදිගහැර වැය කොට තිබේ.තමන්ව ඡන්දයෙන් පත්කළ ජනතාවටවත් වගනොකියන විපක්ෂ මන්ත්‍රීවරු මේ අර්බුදකාරි තත්වය හමුවේවත් අඩුම තරමින් 19 දෙනා එක්ව මිගමුවේ ජනතාව බේරාගැනිමට ගතයුතු පියවරයන් ගැන කිසිදු සාකච්ඡාවක් හෝ පවත්වා නැත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here