මීගමුවේ කොරෝනා පැතිරෙයි ! මිටරේ නැතිවෙයි ! මාධ්‍ය සංදර්ශන ඇරඹෙයි !

0
254

මිටරේ 1දෙයියෝ නැති තැන මෝඩයෝ පිණුම් ගහනවා කියල අපුරු කතාවක් තියෙනවා .මීගමුවේ පාලකයෝ ගැන හිතපුවහ මේ කියමන නම් කදිමෙට ගැලපෙනවා වගේ.
මිගමුව දැන් තියෙන්නේ බරපතල අවදානම් තත්වයක.
මේ අවදානමේ බරපතල කම කලින්ම තක්සේරු කරල ඒ තත්වයට මුහුණ දෙන්න විධිමත් වැඩ පිළිවෙලක් හදන්න පාලකයන්ට බැරිවෙනවා . මිගමුවේ විතරක් නෙමේ රටේ තත්වයත් ඕකම තමයි.
මේ අර්බුද කලබල අස්සේම පසුගිය දවස්වල අපි මිගමුවේ ප්‍රධාන පුරවැසියාගේ ෆේස් බුක් පිටුවට එඹුනා.අපි රැකෙමු අපි රකිමු කියල වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා දැක්කා.
මිගමුවේ ආහාර පානශාලා හිමියන් කිපදෙනෙක්ම කෑම පාර්සල් හදල බෙදල බෙද විඩියෝ දර්ශනත් තිබුනා.නගර සභාවේ ගිනි නිවන නිළ’ධාරින් ඒ රථ වලින්ම ගිහින් බඩ ගිනි නිවන්න බත් පාර්සල් බෙදන හැටිත් තියෙනවා.
කන්න වේලක් නැතිව ඉන්න අයගේ කුසගිනි නිවන එක ඇත්තටම පිනක් . හැබැයි ඒ වැඩේ අස්සේ වැඩියෙන්ම අවධානය දෙන්න ඕන මාධ්‍ය සංදර්ශනයට වඩා මීටරේට . සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරන්න .ඒත් ඒ ගොඩක් විඩියෝවලින් දැක්කේ මාධ්‍ය සංදර්ශනයට වැඩි අවදානයක් නම් යොමු කරල තිබුන කියලයි.
අපට කමක් නැ ඕන කෙනෙක් ඕන ඇඩ් එකක් ප්‍රමෝෂන් එකක් දාගත්තට
නමුත් මොන හේතුවක් හින්දවත් සෞඛ්‍ය නිති රිති පැත්තට දාන්න බෑ
මොකද අපි ඉන්නේ ඒ තරම්ම අවධානමක .
මිටර් නම් නෙමෙයි උදාහරණයක් හැටියට සුදු ඇදුම් දාගෙන යාචක පවුල්වලට කෑම පාර්සල් බෙදෙන තැනක පින්තුර වගයක් තිබුන. මිටරයක් තියා  අඩියක් වත් තිබුනේ නැ.
යමක් කමක් තියෙන පැලැන්තියේ අය බත්පාර්සල් බෙදන දර්ශනවලත් මේ සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන කොයිතරම් නම් සැලකිලිමත්ද කියන ප්‍රශ්ණය තියෙනවා.
අපි දැන් මුහුණ දිල තියෙන තත්වය උඩ අපිට පුංචි හරි මිස්ටේක් එකක් කරගන්න බැ.
ඒ හින්ද කරුණාකරල මාධ්‍ය සංදර්ශනවලට වඩාත් කන්න නැති අයට ඒව බෙදල දෙනොකට හැමෝගෙම ආරක්ෂාව හිතමු.

නිලන්ත ප්‍රනාන්දු
පිටිපන