මීගමුවේ ගංවතුර සහනාධාර භාරදිය යුත්තේ කාටද ?

0
118

මතුගමමීගමුවේ හදවත් ඇති ජනයා  විමසා සිටින්නේ ඔවුන්ගේ අධාර භාර දිය යුත්තේ කාටදැයි කියාය.
මා හට පෙරලා ඔවුන් වෙත කියා සිටිය හැක්කේ ඉතිහාසය පුරා ප්‍රතිපත්තිගරුකව සිය පැවැත්වම සහතික කොට ඇති පුද්ගලයන් හා පුද්ගල කණ්ඩායම් වෙත පමණක් ඒවා භාර දිය යුතුයැයි කියාය.
දැනටමත් මීගමුවේ කණ්ඩායම් කිපයක් විසින් ගංවතුර සහනාධාර එකතු කරමින් සිටිති.
මේ අතර මීගමුවේ නිතිඥ සංගමයට දෙන්නට යැයි වු සදහනක් එක්තරා මාධ්‍යයක් විසින් මේ වන විටත් දක්වා තිබේ.
නිතිඥ සංගමයට ආධාර එකතුකිරිමටත් ඒවා බෙදාහැරිමටත් ඇයි අයිතිය ඉතා ඉහලය.එය ඉතා අගනේය.මේ අදහස් දැක්විම පාදක වන්නේ මාධ්‍ය මගින් කර තිබුණ සදහන පදනම් කොට ගෙනය.
එහෙත් මීගමුවේ සිටින දුප්පත් අයගේ ආධාර ඒ අය වෙතට ලබාදිය යුතුද ?තවත් අය නැතිද ?.තවත් සදහනක් කළ යුතුමය.
මීගමුවේ සිටින නිතිඥයන් බහුතරයක් ඇත්ත වශයෙන්ම කපුරු හාමිලාය.
දුප්පත් අහිංසක කාන්තාවක් කෝටිපති ව්‍යාපාරිකයෙකු අතින් අති අමානුෂික ලෙසින් දුෂණය වු මොහොතක මේ නිතිඥ මහත්ම මහත්මින් හිටගත්තේ අර ස්ත්‍රි දුෂකයාගේ පැත්තේය.
පැවැති මහින්ද රාජපක්ෂ  පාලනයට එරෙහිව රටපුරා නිතිඥයන් පෙරට එද්දි මීගමුවේ බහුතරයක් දෙනා මුනිවත රැක්කෝය.
මීගමුව තුල ක්‍රියාත්මක අතලොස්සක් වු ප්‍රතිපත්තිගරුක නිතිඥ මහත්ම මහත්මීන් මේ ගණයට අයත් නැති බවද සටහන් කරනු කැමැත්තෙමි.ඒ අය දැනටමත් විවිධ සමාජ මෙහෙවරයන්හි නිරතය.එබැවින් මීගමුවේ දුප්පත් ජනයාගේ ආධාර ලබාදිය යුත්තේ ඇත්තටම කාටදැයි ඉතා හොදින් විමසා බලා කළයුතුව තිබේ.
ස්ටැන්ලි ප්‍රනාන්දු -මහවිදිය

 

Save

Save

Save

Save

Save

Save

Save

Save

Save