මීගමුවේ ගම සමඟ පිළිසදරට ලංසාලා කැමති අයට පමණි ? ප්‍රාදේශිය ලේකම්ටත් චෝදනාවක් ?

0
93

වත්මන් රජය විසින් දැනට ක්‍රියාත්මක කරන ගම සමඟ පිළිසදරක් වැඩසටහන මිගමුවේදි ඇරයුම් ලැබි ඇත්තේ ඒ ඒ නාගරික කොට්ටාශ වල නගරාධිපති දයාන් ලංසා කැමැති අයට පමණක් බවට චෝදනාවක් මේ වන විට එල්ල වි තිබේ.

මේ හේතුවෙන් ඇතැම් නාගරික කොට්ටාශ නියෝජනය කරනු ලබන නාගරික මන්ත්‍රිවරුන්ට එම කොට්ටාශයේ ඇති ජනතා ගැටලුවලට සවන් දිමට හෝ මෙම පිළිසදරට එක්විමට නොහැකි වි ඇති.

අනික් අතට මිගමුව තුල ඇති නාගරික කොට්ටාශ 29 න් 19 ක්ම පසුගිය පළාත් පාලන මැතිවරණය තුල ජයගෙන තිබුනේ එජාපය විසිනි.

එහෙත් මේ පිළිසරට මෙන්ම එම සාකච්ජා මෙහෙයවිමට එජාපේ ඇයවැයට පක්ෂය කටයුතු කළ මන්ත්‍රිවරුන්ට පමණක් අවසරය ලැබි ඇතැයි ද සැලය.

මෙම පිළිසදරට අදාල ඇරයුම් කිරිම් වල වගකිමක් ප්‍රාදේශිය ලේකම්වරියටද ඇති අතර පසුගිය අවස්ථා දෙකකදිම ඇය සිය වගකිම පැහැර හැර ඇතැයි ඇතැම් නාගරික මන්ත්‍රිවරු චෝදනා කර සිටිති.

එනම් ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විමට අදාල කැදවිම් සම්බන්ධයෙන්ද මේ අනුව ප්‍රාදේශිය ලේකම්ට චෝදනා එල්ල වි තිබේ