මීගමුවේ ගිනිනිවන සේවකයන්ට මාස 2ක අතිකාල දිමනා ගෙවා නෑ ! සභාවේ සල්ලි නැතැයි කොමසාරිස්වරිය කියලා ?

0
71

( 7.30 pm ) මීගමුව මහනගර සභාවට අයත් ගිනිනිවන ඒකකයේ සේවකයන් සදහා මාස 2 කක අතිකාල දිමනා ගෙවා නැතැයි සේවකයෝ මැසිවිලි නගති. විශේෂයෙන්ම පවතින වාතාවරණය හමුවේ ජිවත්විම පවා දුෂ්කරව පැවතියදි ඔවුන් විසින් උපයා ගත් මුදල් නොගෙවා සිටිම සැබැවින්ම ලැජ්ජා සහගතය.
මේ පිළිබදව අදාල සේවයකයන් විසින් නාගරික කොමසාරිස්වරියගෙන් විමසා සිටියදි කියා ඇත්තේ ගිනිනිවන සේවකයන්ට අතිකාල ගෙවිම සදහා නගර සභාවේ මුදල් නැති බවය.NGB commisionar 1
සේවකයන් මහන්සි වි උපයා ගත් දිමනා ගෙවිමට මුදල් නැති තත්වයක් තුල පළාත් පලාන ආයතනයකට පුටු මිළට ගැනිමට නිතිමය ප්‍රතිපාදන පවා නොමැති පසුබිමකදි මේ වසරේ පෙබරවාරි මාසයේ ඇදි රහිත නිල්කමල් පුටු 2000 ක් මිළට ගැනිම නාගරික කොමසාරිස්වරිය  විසින් අනුමැතිය දි තිබේ.
ඒ වෙනුවෙන් වැයකෙරුණ මුදල රු 2,738,000.00කි.
මෙයට අමතර තවත් පුටු 700 ක් ද මිළට ගෙන ඇති බව කියැවේ .
කෙසේ වෙතත් නගරාධිපති දයාන් ලංසාගේ සහ නිමල් ලංසාගේ දේශපාලන ප්‍රචාරක වැඩසදහා ලක්ෂ ගණන් මුදල් වැයකරන්නට නාගරික කොමසාරිස්වරිය විසින්  අනුමැතිය දේද්දි  ගිනිනිවන සේවයකයන් මාර්තු සහ අප්‍රෙල් අතිකාල දිමනා ගැන විමසා සිටිද්දි කියන්නේ නගර සභාවට මුදල් නැතැයි කියාය.
සමස්ථ රාජ්‍ය සේවයේම ගරුත්වය පාවා දෙමින් කටයුතු කරන මෙවැනි කොමසාරිස්වරියක් වෙනත් කිසිදු නගරයක ඇතැයි අප විශ්වාස නොකරමු.
තුන්වෙනි පංතියේ සුදුුසුකම් මත දේශපාලකයන්ගේද ආශිර්වාදයෙන් ලබා ගෙන ඇති මේ පත්විම දැන් පැහැදිලිවම යෙදෙවෙන්නේද තුන්වෙනි පංතියේ වැඩ සදහාම බව වඩාත් පැහැදිලිය.