මීගමුවේ ගිනි නිවන්නත් ලංසාගෙන් අහන්න ඕනලු ?

0
314
IMG 20220209 WA0041
IMG 20220209 WA0042
IMG 20220209 WA0043

අද උදෑසන පවතී බෝලවලාන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතු භූමියේ විශාල ගින්නක් ඇති විය.

එහිදී එම ආයතනයේ මගින් ඉදිකරන ලද අලුත් ගොඩනැගිලි වලට සහ අනෙකුත් විදුලි වයර් සහ දුරකථන රැහැන් ආදි රබර් වලින් ආවරණය වී ඇති දේපල වලට මෙම ගින්න මගින් සිදුවිය හැකි හානිය අවබෝධ කරගත් ප්‍රදේශවාසීන් ඒ පිළිබඳ ක්ෂණිකවම මීගමුව මහ නගර සභාව සතු  ගිනි නිවන හමුදා ඒකකයට දැනුම් දීමට කටයුතු කරන ලදී.

එහෙත් මීගමුව මහ නගර සභාව සතු ගිනි නිවන හමුදාව විසින් ප්‍රදේශවාසීන්ට ප්‍රකාශ කරන ලද්දේ, ගරු නගරාදිපති දයාන් ලංසා සහ මීගමු නාගරික කොමසාරිස් තුමියගේ නියෝගයකින් තොරව ” ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව” රාජ්‍ය ආයතනයක් වුවද තමන්ට පැමිණ ගින්න මර්දනය කිරීමට බලතලයක් නැති බවයි.

ප්‍රදේශවාසීන්ට අතිවූ මූලික ගැටලුව නම් රාජ්‍ය ආයතනයක ඇතිවන මෙවනි හදිසි තත්වයක්දී ඊට මදිහත් වීම සඳහා අනෙක් රජ්‍ය ආයතනයට මෙවැනි  දේශපාලනඥයින්ගෙන් අවසර ලබගත ගතයුතු ද යන්නයි. 

එසේම එම ප්‍රදේශවාසී මතු වූ තවත් මූලික තවත් ගැටලුවක් නම් මෙවනි හදිසි අවස්තාවල නිවරදි තීන්දු තීරන ගත නොහකි ඊනියා ගිනි නිවීමේ ඒකකයක් තවදුරටත් අහිංසක ජනතා මුදලින් නඩත්තු කල යුතුද කියායි 

බෝලවලාන ගම් වැසියන් පිරිසක්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here