මීගමුවේ ටෙන්ඩර් ජරමර අස්සේ දිගහැරුණු ලක්ෂ ගණන්වල කොමිස් කථාව ?

0
33

MC NGBමීගමුව මහනගර සභාවේ මෙවර ටෙන්ඩර ගණුදෙනුව ගෙවනු දශකය තුල රු මිලියනකටත් වඩා වැඩි මුදලක් කොමිස් ලෙසින් පක්ෂ දෙකේ නාගරික මන්ත්‍රින් අතර බෙදි ගොස් ඇතැයි යන්න අද මහනගර සභාව තුල ප්‍රසිද්ධ රහසක්ව පවති.
තමන් වෙත පොළ ටෙන්ඩරය ලබාගැනිම වෙනුවෙන්  නිශාන්ත නැමැත්තා දැන් නගර සභාව තුල රැක සිටින්නේ මේ සන්තෝෂම් මුදල් මන්ත්‍රිවරුන්ගෙන් නැවැත ලබාගැනිම වෙනුවෙනි.
මේ අතර නිශාන්ත නැමැත්තාට සිදුව ඇති මුල්‍යමය පාඩුව පියවා ගනු වස් ඒ මුදල් කෙසේ හෝ යළිත් ලබා දිමට ඇමති නිමල් ලංසා සහ දයාන් ලංසා පොරොන්දු වි ඇතැයිද රාවයක් පවති.

20% කින් වැඩිකරමින් මෙවර පොළ ඇතුළුව බිච් පාක් එකද ටෙන්ඩර කිරිමට නගරාධිපතිවරයා විසින් ගෙන එනු ලැබු යෝජනාව සම්මතවිම හේතුවෙන් පොළ ටෙන්ඩරයේ අයිතිය මාකස් නැමැත්තා හට යළිත් ලැබි තිබේ.