මීගමු නගර වාසීන් බියට පත්කළ ඩෙංගු වසංගතය මේවනවිට අඩුවෙමින් පවතී . මේ වනවිට රෝහලේ මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 60 ක පමණ අගයක පවති..මේ වෙනස අපට සැබැවින්ම තේරුම්ගැනිම පහසු වනු ඇත්තේ ඇතැම් දිනවල මිගමුව රෝහල තුල නේවාසිකව ප්‍රතිකාර ලබන ගණන 240 ද ඉක්මවා තිබිමත් සමග සසදාලන කල්හිය.
පසුගිය කාල වකවානුව තුළ මෙම වසංගතය හේතුවෙන් මීගමුව රෝහලේ කාර්‍යමණ්ඩලය සහ සේවක , සේවිකාවන්ටද රෝගය වැලඳී තිබුනු ආකාරය අප දැක්කෙමු .
මරණයට පත්වූ සංඛ්‍යාව සමඟ බලන විට සහ රෝහල තුළ මේනිසා තිබුනු සංකීර්ණ තදබදය සමඟ මෙය එක්තරා සහනයක් බව රෝහල් කාර්‍යමණ්ඩලයේ මහත්මියක් අප සමඟ පැවසීය .
මීගමු නගරයේ ඩෙංගු රෝගය නොවැලඳුනු නිවසක් සොයා ගැනීම අසීරු කරුණක් විය .
පළමු මරණය අක්කර 50 ප්‍රදේශයෙන් ආරම්භවී මරණ සංඛ්‍යාව සීග්‍රයෙන් වර්ධනය විය .
ඉන්පසු සෑම ප්‍රදේශයක් කරා මෙම වසංගතය පැතිර ගිය අතර අක්කර 50 න් පසු මීගමුව නගරය, දළුපත, පාතිමාවත්ත , කට්ටුව හරහා කොච්චිකඩේ දක්වා ගොස් කුඩාපාඩුව ,වැල්ලවීදිය දක්වා ව්‍යාප්ත විය . අක්කර 50 ප්‍රදේශයෙන් පසු සංඛ්‍යාත්මකව වැඩි ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් සටහන් වූයේ වැල්ලවීදිය ප්‍රදේශයේය. එහි මාස 4 ක කිරි දරුවෙකුද මරණයට පත්වූයේ ඩෙංගු රෝගය නිසාය .
කෙසේ වෙතත් පසුගිය ජුලි මාසයේ සිට ඩෙංගු වැළදුන රෝගීන් 14 ක මිගමුව රෝහලේදි මිය ගොස් තිබුණි.මේ තත්වය නිසි කළමණාකරණය කරගැනිමට දුම් ගැසීම හැර වෙන කිසිවක් කිරීමට නගරසභාවට නොහැකි විය .
ජනාධිපතිවරණයෙන් පසුව ඇතැම් ප්‍රදේශවලට මීගමුව මහනගර සභාව විසින් දුම්ගැසිම පවා සිදුනොකිරිම පිළිබදව බරපතල චෝදනාද එල්ල වි තිබුණි.
කානු සුද්ධ නොකළ නිසා කුඩා වැස්සකට වුවත් ඇති වන ගංවතුරට මුහුණ දුන් ජනතාව ඒනිසාම උණ සහ තවත් එවැනි රෝගයන්ටද ගොදුරු විය. කෙසේ හෝ රෝගීන් සංඛ්‍යාව රෝහලට ඔරොත්තු නොදෙන තරම් විය . එමෙන්ම රෝහල් කාර්‍යමණ්ඩලයද මේ සඳහා ප්‍රමාණවත් නොවූ අතර ඒනිසා ප්‍රශ්ණ ගනනාවකකට මුහුණ දීමට මේ දෙපර්ශවයටම සිදුවිය .
මේවනවිට ස්වභාව ධර්මය විසින් දුන් වැස්ස වෙනුවට වියලි කාලගුණය ලබාදී ඇත . මේනිසා මෙතෙක් රෝහලට පැමිණෙන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අඩු වී තිබුනු තදබදයද අඩුවිය. නමුත් මෙවැනි තත්වයක් නැවත ඇති වන බව අප සියළු දෙනා සිහිතබා ගත යුතුය . ඒසඳහා ජනතාව මෙන්ම වගකිවයුත්තන්ද අවධියෙන් කටයුතු කළ යුතුබව අප අවධාරණය කර සිටිමු .