මීගමුවේ ඩෙංගු දැඩිසත්කාර ඒකකයට අතිරේක ගොඩනැගිල්ලක් ! රතු තරුව සිය මෙහෙවර අද නිමකරයි !

0
130

NGB hospitalScreenshot from 2020-04-24 20-22-55Screenshot from 2020-04-24 20-22-57Screenshot from 2020-04-24 20-23-06( 9.30 pm ) මීගමුවේ රෝහල අද මුහුණ දි ඇති අර්බුදකාරි තත්වය හමුවේ මිගමුවේ දේශපාලකයන් මගහැර යද්දි ජවිපෙ රතු තරුව සිය වගකිම නොපිරිහිලා ඉටුකරමින් ඩෙංගු දැඩි සත්කාර ඒකකයට අවැසි අතිරේක ගොඩනැගිල්ලේ ඉදිකිරිම් වල පසුගිය සති 2 කක් පුරාවට නියැලි සිටිමින් අද එහි වැඩකටයුතු නිමකර තිබේ.
මෙම ඉදිකිරිමත් සමගින් ඩෙංගු දැඩිසත්කාර ඒකකයට අවැසිව තිබු ගඩඩා කාමරයක්, කනිෂ්ඨ සේවාය කාර්ය මණ්ඩලය සදහා කාමරයක්, සහ ඩෙංගු කාර්ය මණ්ඩල ප්‍රධාන හෙද නිළධාරිනිය සදහාද කාමරයක්ද එක්ව තිබේ.සැබැවින්ම කාලයක් තිස්සේ පැවති අඩුපාඩුවක් මිගමුව රෝහලේ හිටපු රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සුජිවා රත්නායකගේ මැදිහත්විමෙන් ජවිපෙ රතුතරුවේ සහයෙන් අද මෙම කටයුත්ත සම්පුර්ණ වි තිබේ.
මෙම ඉදිකිරිම අද සවස විවෘත කෙරුන අතර එහි යතුරු වත්මන් රෝහල් අධ්‍යක්ෂවරය වෙත රතු තරුව ක්‍රියාකාරින් විසින් භාර දි තිබුණි.
දේශපාලනයෙන් ප්‍රකෝටි ගණන් හරි හම්බකරගත් දේශපාලකයන් මිගමුවේ සිටියදි රෝහලේ අවශ්‍යතාවයන් සදහා ඒ කිසිවෙකුත් දායක නොවුන පසුබිමක රතු තරුව සිය වගකිම කරට ගෙන ඉතා අගනා මෙහෙවරක් අද නිමකොට තිබේ.
ඡායා සහ විඩියෝ – එම්.ඉසෙඩ් සහජාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here