මීගමුව දැන් ඇත්තේ බරපතල අර්බුදයකය.කොමිස් පමණක් බලාගෙන පසුගිය පාලනයන්හිදි කරන්නට යෙදුන විවිධ සංවර්ධන ව්‍යාපෘති මෙන්ම මෑත කාලය තුල මීගමුව මහනගර සභාව විධිමත් සැලැස්මක් මත නිසි ලෙස මුදල් වෙන්කරමින් ඩෙංගු පාලනයට අතනොගැසිම මත දැන් ඩෙංගු අධිවසංගත තත්වයක් කරා ගමන් කරමින් තිබේ.මෙහි ඇති භායානක කම තේරුම්ගත් දේශපාලන අධිකාරියද පමා වි හෝ දැන් යළිත් ගමට බැස විවිධ ක්‍රියාකාරකම් වල නියැලෙන්නට පටන්ගෙනය.
මේ සතිය තුල එවන් ක්‍රියාකාරකම් කිපයක්ම සංවිධානය කොට තිබුණි.මේ එක් රැස්විමක් පසුගිය ඉරුදින කොච්චිකඩේදි සංවිධානය කර තිබුනේ හිටපු නාගරික මන්ත්‍රි සුනිල් සිල්වා විසිනි.
මේ ආකාරයෙන්ම තවත් දැනුවත් කිරිමේ රැස්විමක් හිටපු නාගරික මන්ත්‍රි නන්දසුලෝචන විසින් පෙරියමුල්ලේදි ඊයේ දිනයේ සංවිධානය කර තිබුණි.