මීගමුවේ ඩෙංගු මර්ධනය කිරිමට නාගරික කොමසාරිස් පාලනයට නොහැකිවෙයි! පිටිපන පුංචි දරුවෙක් ජිවිතයෙන් වන්දි ගෙවයි

0
100

denguමීගමුව නගරය විධිමත් සැලැස්මකට පාලනය කිරිමට නාගරික කොමසාරිස්වරයාට  ඇති නොහැකියාව යළිත් පෙන්නුම් කරමින් තිබේ.
ඒ ඩෙංගු වැළදිම හේතුවෙන් පිටිපන අලුත්කුරුවේ දරුවෙකු මිය යාමත් සමගින්ය.
මීගමුව තුල ඩෙංගු පාලනය කිරිමට විධිමත් වැඩපිළිවෙලක් නොතිබුණ බව කියා සිටින්නට තවත් උදාහරණ ඇවැසි නොවන්නේ මීගමුව මහනගර සභාව තුලම ඩෙංගු කීටයන් සිටි බවට තතු හෙළිවිමත් එහි සේවකයන් 11 දෙනෙකුට ඩෙංගු වැළදි තිබිමත් හේතුකොටගෙනය.
මේ පසුබිම තුල මීගමුව නාගරික කොමසාරිස් පාලනයට නගර සභාවේ අදායම් වැඩිකිරිමටත් වියදම් අඩුකිරිමටත් යැයි කියා මුසුරු සිටානෝ කෙනෙකුගේ ග්‍රහණයට හසුව ඇතිවා සේය.
මේ පාලනයට අද ජිවිතවලින්ම වන්දි ගෙවිමට නොදරුවන්ට පවා දැන් සිදුව තිබේ.ඩෙංගු රක්තපාත උණ වැළදුන වයස අවුරුදු 06ක දරුවෙකු අද (06) උදේ මීගමුව රෝහලේදි මියගොස් තිඛේ.