මීගමුවේ තට්ටු ගොඩනැගිලි බොහොමයක් නිසි ප්‍රමිතියෙන් තොරයි ?

0
48

ගිනිනිවිම 1මීගමුව නගර තුල පිහිටා ඇති බොහොමයක් තට්ටු ගොඩනැගිලි ප්‍රමිතියෙන් තොර බව අනාවරණය වෙයි.ඒවා නිසි ප්‍රමිතියකින් තොර වන්නේ ඒවා ඉදිකිරිමේදි පිළිපැදිය යුතු මුලික කොන්දේසි මේ අය විසින් සපුරා නොතිබිමයි.
නිදසුනක් ලෙසින් ගතහොත් මේ බොහොමයක් තැන්වල උඩුමහල් වෙත පිවිසිම සදහා විකල්ප පිවිසුම් මාර්ග සකසා නැත.
මීට වසර කිපයකට ඉහතදි මීගමුුව බස්නැවතුම ඉදිරිපිට පිහිටි තට්ටු ගොඩනැගිල්ලක ඇතිව තිබුණ ගින්න නිවිමට ගිය ගිණි නිවන හමුදාව එකි ගොඩනැගිල්ලට පිවිසිම සදහා විකල්ප පිවිසුම් මාර්ගයක් තිබුනේ නැත.
එවැනි තත්වයකදි උඩතට්ටුවල සිරව සිටින අය බේරාගැනිම අනිවාර්යෙන්ම නොහැකිවිමට ඉඩ ඇත.
අප විසින් මේ මතුකරන ලද ගිනි සිදුවිම රාත්‍රි කාලයක සිදුව තිබුන නිසා එහි අවධානම් තත්වයක් නොතිබුණි.