අද ( 2014.04.17)සවස 7.40ට පමණ මිගමුව ග්රීන්ස් පාරේ පිහිටි පුෂ්පා ජුවලර්ස් ආයතනයට කඩාවැදුනු අවිගත් පුද්ගලයන් පස්දෙනෙකු පමණ එම ආයතනයේ මුදල් මංකොල්ල කා පැනගොස් තිබේ. මෙම පුද්ගලයන් මුහුණු ආවරණය කරන ලද හිසවැසුම් පළඳා යතුරු පැදි වලින් පැමිණ ඇත. මෙම මංකොල්ලකරුවන් ආයතනයේ ඇති මුදල් ගෙන නවතා තිබූ යතුරු පැදි වල වූ බෑග් වලට දමාගත් බවද දුටු අය පවසති.
සොරුන් පැමිණ ඇත්තේ ස්වර්ණාභාරණ සැලේ අවසන් දොර වැසිමට මෙහොතකට පෙරය. එම අවස්ථාවේ සේවකයන් විසින් මුදල් සේප්පුවල දමමින් සිටි බවද ඒ මුදල් සියල්ල මෙන්ම ස්වර්ණාභරණ කොල්ල කෑ මංකොල්ලකරුවන් විනාඩි 5 – 10 ත් අතර කාලයක් එම ස්තානයේ ගැවසී ඇත. ඔවුන් විසින් එම ආයතනය ඉදිරිපිට දී වෙඩි තබා ඇති අතර පොලොවේ උන්ඩ සලකුණු ද තිබේ.
මෙසේ සොරාගෙන ඇති සියල්ලේ වටිනාකම රුපියල් කෝටියක් පමණ වෙතැයි තහවුරු නොකළ පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
<iframe width=”420″ height=”315″ src=”//www.youtube.com/embed/HXLwRAYC644″ frameborder=”0″ allowfullscreen></iframe>