මීගමුවේ තවත් රන් මංකොල්ලයක් – ආරක්ෂාව භාර උකුස්සා කෝ?

0
182

මීගමුවේ මෑත ඉතිහාසයේ මේ මංකොල්ල වටය පටන් ගත්තේ මේ වසරේ පෙබරවාරි 17 වනදාය. ඒ ජුවෙල් ලංකා රන් ආභරණ සැල මහදහවලේ කොල්ල කමිනි.
ඉන් අනතුරුව පසුගිය අප්‍රේල් 17 වනදා පුෂ්පා රන් ආභරණ සැල කොල්ල කෑවේය.
ඊයේ මැදියම් රැයේ මීගමුව ජුවෙල් ලංකා අසල පිහිටි රන් ආහරණ නිමයුම් ආයතනයකට පැන ඇති කොල්ලරුවෝ එහි සේවකයන්ට සහ අයිතිකරුට පහර දි රුපියල් ලක්ෂ 10 ක් වටිනා රන් පැහැර ගෙන ගොස් ඇතැයි සැලය.
මීගමුවට ආරක්ෂාව සැපයිම සදහා යැයි කියමින් උකුස්සා යන නමින්  හදිසි මෙහෙයුම් සේවා රථ 2 ක් දැන් ක්‍රියාත්මකය.මේ වෙනුවෙන් මීගමුවේ ව්‍යාපාරිකයෝ ලක්ෂ 2 මසකට ගෙවති.
තතු එසේ වෙද්දි යළිත් දැන් මංකොල්ලයකි.
එහෙත් මේ කොල්ලය සිදුවන අවස්ථාවේ උකුස්සා සිටියේ කෙහේදැයි තවමත් ප්‍රශ්ණයකි.
අඩුම තරමින් රාත්‍රි කාලය තුල මේ රථ මේ රන් ආභරණ සැල් පිහිටා ඇති කෙටි දුරෙහි කිප විටක්වත් සේවයේ යෙදෙවෙනවා නම් මංකොල්ලකරුවන් මේ තරම් පහසුවෙන් කොල්ලයක් කිරිමට ඇති ඉඩ ඇහිරි යන්නටද ඉඩ තිබුණි.
මේ සම්බන්ධයෙන් අප උකුස්සා මෙහෙයුම් ඒකකයෙන් විමසා සිටි අවස්ථාවේ ඔවුන් පවසා සිටියේ උකුස්සා සේවාව ක්‍රියාත්මක වනුයේ පෙ.ව 8 සිට රාත්‍රි 10 වන තෙක් පමණක් බවය.මේ මංකොල්ලය සිදුව ඇත්තේ රාත්‍රි 12 ට පමණය.
පහර කැමට ලක්ව තුවාල ලැබු රන් නිමයුම් හලේ තරුණයා දැනට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබයි.
මංකොල්ලකරුවන් මෙවර පැමිණ ඇත්තේ මුහුණු ආවරණය කොට ගෙනය.robbery 3roberry 1robbery 4Kirisnan Srikaran

Photo – MZ Sajahan