මීගමුවේ තවත් සිම්සාද් මුදලාලිලා සිටී ද ?

0
89

පසුගිය 10 වනදා මීගමුවේ දී  අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයා සම්බන්ධයෙන්  වාර්තා වන තොරතුරු වන්නේ ඔහු  කාලයක සිට මෙම මත්ද්‍රව්‍ය ඡාවාරමේ යෙදී සිටි අයෙකු බවයි. මීගමුවේ wellcome ජුවලර්ස් හි හිමිකරු ලෙස රත්තරන් ආභරණ වෙළදසැල් කීපයක් පවත්වාගෙන ගිය මෙම පුද්ගලයාව කවුරුත් හදුනන්නේ ” සිම්සාන් මුදලාලි” නමිනි.  ඔහු මීට පෙරද කුඩු හෙවත් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිට අත්අඩංගුවට පත්ව  ඉන්දියාවේ බන්ධනාගාරගතව සිට ඇත. ඒ අතර එම ජාවාරමට සම්බන්ධ තවත් තරුණයන් දෙනෙකු ව මීගමුවේ කෙලින් වීදියේ පැවති  wellcome ජුවලර්ස් හි සේවය සදහා යොදවා තිබී ඇති ඇත. එම එක් තරුණයෙකු  wellcome ජුවලර්ස් ආයතනය ඇතුළත දී අභිරහස් ලෙස මියගොස් සිට ඇති බව   එම   මීගමුවේ ව්‍යාපාරික ප්‍රජාවගෙන් වාර්තා වේ.
කෙසේ  නමුත්   පසුගිය  කාලය  තුළදී මෙම පුද්ගලයා විවිධ ව්‍යාපාර මීගමුව නගරයේ පවත්වාගෙන ගොස් ඇතත් රහසින් මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගිය බව ප්‍රසිද්ධ රහසක්ව පැවතිණි.
පසුගිය කාලයේ කුඩු ජවාරම සම්බන්ධයෙන් මීගමුව විශාල ආන්දෝලනයකට තුඩුදුන් නගරයකි.
ඒ සම්බන්ධයෙන් කතාකරන විට තවත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ගේ නම් ද ගෑවී තිබුණි.

බොහෝ විට කවුරුත් දන්නා පරිදි මෙම කුඩු මුදලාලිලා හසුවූ විට පෙර පැවති ආණ්ඩුවේ ප්‍රබලයින් සමග කිසියම් ගණුදෙනුවක් හරහා එකගතාවයකට පැමිණ  නීතියේ රැහැනින් මිදී ඔවුන් නැවතත් මෙම ජාවාරමේ නිරත වූහ. මීගමුවේ පවතින සමහර ව්‍යාපාර  අතිවිශාල , දැවැන්ත ප්‍රමාණයේ  ව්‍යාපාර ලෙස හතු පිපෙන්නා සේ මතුවී ආ බවත් ඒවාට මුදල් පොම්ප වූයේ කෙසේද යන්න පිළිබදව සමාජයේ කතිකාවක් තිබුණි. නමුත් ඒ කිසිවක් නීතියෙන් හෙළදරව් කරන්නට තවමත් කිසිවෙකුත් සමත් වී නැත.
දැන් නව රජය යටතේ යම්තම් ටික ටික කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනිම ආරම්භ කර තිබේ.
එය හොදය. නමුත් මේ ව්‍යාපාරයේ තවත් කුඩු  දැවැන්තයින් මේ ප්‍රදේශයේ සිටින  බව ද අමතක නොකළ යුතුය. hqdefault