මීගමුවේ ත්‍රිවිල් පාක්වල ඇතමුන්ගේ චණ්ඩි හැසිරිම් නිසා සංචාරක කර්මාන්තයටත් බලපෑමක් ?

0
313

සංචාරක කර්මාන්තය දැන් පිමි පනිමින් ඉදිරියට ඇදෙමින්  තිබේ. කාන්තාවන්ට ආරක්ෂිතව  සංචාරයන්හි නිරත  විය හැකි ප්‍රධාන රට බවට ශ්‍රිලාංකාව පත්ව තිබිම රාජපක්ෂ සමයේ පැවැති මැර පැල්ලම්  දැන් දියවි ගොස් ඇතැයි කියන්ට ඇති කදිම සාක්ෂියකි.
රාජපක්ෂ පවුල් පාලන සමයේ  විදේශිකයන් පවා විවිධ හිරහැරවලට මුහුණ දුන් අකාරය අපට අමතක නැත.

දැන් තවත් පිල්ලියකි.එනම් ත්‍රිවිල් පාක්වල සිටින ඇතැම් චණ්ඩි මල්ලිලාය. රවවල් වල ප්‍රවාහන කර්මාන්තය දැන් සිස්ටම් තුල ස්ථාපිතව තිබේ. ත්‍රිරෝද රථ කර්මාන්තය පවා මේ තුලට ඇතුල් වි තිබේ.
ලංකාවේ ඌබර්, පික්මි යනු එහි පැහැදිලි සලකුණුය.
විදේශිකයන් වැඩිපුර සිය කෙටි ගමන් වාර සලසා ගනින්දි මේ සේවවාන් කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වා සිටිති.
එහෙත් මිගමුව වැනි සංචාරක නගරයන්හි මේ තත්වය  අර්බුදයකට යවන චණ්ඩි පිල්ලි ක්‍රියාත්මක වේ .බොහෝ පික්මි රියදුරන් කියා සිටින්නේ ත්‍රිවිල් පාක් එකක් අසලින් තමන්ට මගියෙකු නංවා ගැනිමට දැන් නොහැකිව ඇති බවය.
පසුගිය දිනක පික්මි රියදුරෙකු අප සමගින් කියා සිටියේ ලෝකල්ස්ලට නම් මට කියන්න පුලවන් පාක් එක පොඩ්ඩක් පන්නවල ඇවිත් ඉන්න කියල නැත්නම් එයාල ලෙඩ දානව කියල  එත් කොහොමද අපි ඒක සුද්දන්ට කියන්නේ .ලගදි සුදු නෝනා කෙනෙක් මගේ පික්මි එකට පාක් එකක් ලගදි නැග්ග සුපුරුදු විදියට අරයල චණ්ඩි පාට් දැම්ම.

මේ චණ්ඩි පිල්ල පාලනය කිරිමටත් මිගමුවේ පොලිස් බලධාරින් නිසි පියවර ගත යුතුව තිබේ. මන්ද රටේ ආර්ථිකය ස්ථාවර කරලිමට තුඩු දෙන කර්මාන්තයක් මෙම ගැටලුවට මුහුණ පා ඇති බැවිනි