මීගමුවේ දන්සැල් 100 ක් ! දන්සැල් වන්දනාවට අත්වැලැක්.!

0
767


අද  23 වැනි දිනට යෙදෙන මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් මීගමු නගරය සහ නගරය ආශ්‍රිතව පැවැත්වීමට සංවිධානය කර ඇති දන්සැල් සංඛ්‍යාව 100 ක් ඉක්මවා ඇතැයි මීගමු මහජන සෞඛ්‍ය කාර්යාලය දක්වා සිටි.


මෙම දන්සැල් පැවැත්වීම සඳහා එම දන්සැල් කටයුතු සංවිධානය කරන්නන් පසුගිය වසර වල මෙන් මෙවරද මීගමුව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශයෙන් එම දන්සැල් පැවැත්වීම සඳහා නිසි අවසරයක් ලබාගත යුතුව ඇත. ඒ අනුව දන්සැල් පැවැත්වීම සඳහා ඉල්ලුම් කර ඇති සංවිධායකවරුන් හට පසුගිය දිනවල  විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන්ද සංවිධානය කර තිබිම විශේෂත්වයකි .

මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට පැමිණි දන්සැල් සංවිධායකවරුන්ට මහජන පරික්ෂකවරුන් විසින් සෞඛ්‍ය ආරක්ෂිතව දන්සැලක් පැවැත්වීම පිළිබඳව එලෙස දැනුවත් වීම ගැන සහතික පත්‍රයක් ලබා දී තිබේ.එලෙස ලබාදුන් සහතික පත්‍රය ලැමිනේට් කර එම දන්සලේ ප්‍රදර්ශනය කළ යුතු බවද මීගමු මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් එම දන්සැල් සංවිධායකවරුන්ට දන්වා ඇතැයිද වාර්තාවේ.

wp 17164264922918790697733936060030
wp 17164265318661163346781210721003
wp 17164265703913202793070975875346
wp 17164267936705351723518503152386
436356489 851591210346123 8067282046509917161 nwp 17164267117083950236988521914212

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here