මීගමුවේ දන්සල් වලට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ අවධානය

0
272

මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ පවත්වාගෙන යන සියලුම දන්සල් සංවිධායකයන් දැනුවත් කිරීමෙන් පසුව එම දන්සල් දෙන ලද සෞඛ්‍ය උපදෙස් අනුව පවත්වාගෙන යන්නේදැයි පරීක්ෂාවට ලක් කළ බව මීගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච් ඒ.යු.කේ. ගුණරත්න මහතා පවසයි,

බොහෝ දන්සල් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරමින් පවත්වාගෙන යන බවද එහෙත් කිහිපයකට අවවාදාත්මක උපදෙස් දුන් බවද ගුණරත්න මහතා සඳහන් කළේය.ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක් මේ සඳහා ඉදිරිපත් වූහ.

 

 

රේමන්ඩ් අපෝන්සු