මීගමුවේ දන්සැල් වැඳ ගත්තෙමි.

0
6

මීගමුව පුරා අද විවිධ ආකාරයේ දන්සැල්ය. බත්,පාන්, රොටි, පරාටා, වඩ, අයිස්ක්‍රීම් ,ආදී වශයෙන් කෑම වර්ග සඳහා දිගු පෝලිම් දැකිය හැකිවිය. මා පළමුව දළුපත “හොට් පැක් රෙස්ටුරන්ට්” නම්වූ ආයතනයේ දන්සැල ඇති පරිශ්‍රයට පිවිසුනෙමු. දිගු පෝලිමක් සහිත මෙම දුන්තෙල් බත් දන්සැලෙහි ඡායාරූප කිහිපයක්ද ගතිමි. ඉන්පසු කුඩා පාඩුවේ රීගල් හෝටල් පරිශ්‍රයේ පැවති බත් දන්සැලෙහි ඡයාරූප ගත්තෙමි. එම දන්සැල නිසි කලමණාකරණයකින් තම කටයුතු කරගෙන යන ආකාරය සිත්ගන්නා සුළුවිය. ඉන්පසු මීගමුව නගරයේ පුෂ්පා ජුවලරි ආයතනයෙන් සූදානම් කර තිබුණු බත් දන්සැල වෙත ගියෙමි. එහි ඉදිරි දොරටුවක ජීවමාන බියජනක මිනිස් රූප දෙකක් සියල්ල හසුරුවන ආකාරය දක්නට තිබිණ . එසේම දිගු පෝලිමට පිටතින් තම තමන්ගේ හිතවතුන්ට ඇතුළු වීමට හැකියාවක්ද තිබිණ .


නමුත් මේ සෑම දන්සැලකම දැඩිව සහ නීතියානුකූලව කටයුතු සිදුවන බව බාහිර වශයෙන් දැකිය හැකිවිය.

මෙසේ දන්සැලක් පැවත්වීමේ හැකියාව ඇත්තේ යහමින් මුදල් ඇති අයට පමණි .
මේ අනුව දන්දෙන අයට මෙන්ම ඒ සඳහා සහභාගි වන්නන්ටද තම තමන්ට ආවේනිකවූ අරමුණු ඇත .
කෙසේ නමුත් දන්සැල් සංකල්පය සාර්ථක වන්නේ


දන්සැල වැඳපුදා ගැනීමට යන පිරිසට නිදහසේ තම අරමුණ ඉටුකර ගත හැකිවන්නේ නම් පමණි .

සියල්ල ලාභය මත සැකසුණු සමාජයක දන්සැල පදනම් කර ගනිමින් ඉහතකී පසුබිමක් නිර්මාණය වේද යන්න විමසා බැලීම වැදගත්ය.

සැම්සන් ඥානසිරි