මීගමුවේ දේශපාලකයෙක් හෝටලයක රහස් සාකච්ජාවක් තියලා..?

0
80

goldi hotelමීගමුව පිහිටි ගෝල්ඩ් ඩි සැන්ඩ් හෝටලයේදි පසුගිය දිනක රහසිගත සාකච්ජාවක් පවත්වා ඇතැයි වාර්ථා වේ. මේ කටයුත්තේ ප්‍රධාන වැඩකොටසක් සිදුකර ඇතැයි සැලවන්නේ මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රිවරයෙකි. සිසු දරුවන් සදහා නොමිලේ ලබාදෙන අභ්‍යාස පොත් පුද්ගලික අංශයේ කඩවලට විකිණිම නිසා පොත් මාමා යැයි පටබැදි අයෙකි.
උක්ත රහසිත සාකච්ජාවේ නිමිත්ත  තිබුනේ සිය සොහොයුරා මෙන්ම අදාල ඇමතිවරයාටද මහනගර සභාවේ ප්‍රධාන කාරක සභාවන් තුල සිය බලපරාක්‍රමය අභියෝගයන් රහිතවම ස්ථාපිත කරගැනිමටය.
ඒ අනුව අදාල කපුකම සිදුකරන ලද පොත් මාමා විසින් සැලැසුම් කරන පරිද්දෙන්ම විශේෂයෙන්ම මුදල් කාරක සභාවට සිය සොහොයුරා ඇතුලත් කරගැනිමට හැකිවිය. එමෙන්ම සෞඛ්‍ය කාරක සභාවේ හිටපු සභාපතිවරයා වු ඇමති සොහොයුරාට මෙවරද එය අත්පත්කරදිමේ මුලික පදනම ලෙසින් සෞඛ්‍ය කාරක සභාවටද ඇමති සොහොයුරා පත්ව තිබේ.
මේ සැලැස්ම ක්‍රියාත්මක කිරිම සදහා ඇතැම් විපක්ෂ මන්ත්‍රිවරුන්ගේද සහය ලැබි ඇති බව කැපිපෙනේ.