මීගමුවේ දේශපාලකයෙකුත් ජනපති අරමුදලෙන් සල්ලි අරන්?

0
163

(10.00am )ජනපති අරමුදලින් රු මිලියන ගණනින් මුදල් ලබාගත් දේශපාලකයන් ගැන පසුගිය දිනවල හෙළිදරව් වි තිබුණි.

මේ පිරිස අතර මිගමුවේ දේශපාලකයෙකුද සිටින බව වාර්තාවේ.

යහපාලන ආණ්ඩුට පැනගත් නිමල් ලංසාගේ සහයෙන් මිගමුවේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු වන ෆරිස් 2016 වසරේදි මෙන්ම 2018 වසරේදිද  ශළ්‍යකර්ම සඳහා මුදල් ගෙන ඇති බව හෙළිව තිබේ.

ඇතැම් දුප්පත් අන්ත අසරණ රෝගීන් ජනපති අරමුදලෙන් මුදලින් ගැනිමට ලතවෙද්දි කෝටිපති ව්‍යාපාරිකයන් පවා සිටින නගර සභා කාලය තුල වංගු ගසා ලොකුවට මුදල් හම්බ කරගත් දේශපාලකයන් පවා මෙසේ මුදල් ගෙන තිබිම ගැන මිගමුවේ දේශපාලන කව අතරද පසුගිය දිනවල සංවාදයක්ද මතුව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here