මීගමුවේ දේශපාලන පවුලකින් නාගරික කොමසාරිස්ට සුපිරි රාත්‍රි කෑම වේලක් ?

0
53

Cinnamon-Super-Dinner-Pics-2-570x361මේ දිනවල මීගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා මීගමුවේ එක්තරා දේශපාලන පවුලකින් තෑගි පිට තෑගි ලබන්නට තරම සුවිශේෂ රාජ්‍ය නිලධාරියෙකු බවට පත්ව ඇතැයි සැලය.
දරුවන්ගේ උපන් දින සාද වලට කේක් ලැබෙන්නේ මීගමුවේ සංවාරක පුරවරයේ පිහිටි සුපිරිතම හෝටල් වලිනි.
එපමණක් නොව විවිධ සාද සදහා සුපිරි රාත්‍රි භෝජන සංග්‍රහයන් නිවසට ලබාදෙන්නටද දැන් කටයුතු සැලසි ඇත.
මේ සියල්ල පිටුපස සිටින්නේ මීගමුවේ එක්තරා දේශපාලන පවුලකි.
පසුගිය කාලය තුල ආණ්ඩු පක්ෂයේ මෙන්ම විරුද්ධ පක්ෂයේද නාගරික මන්ත්‍රින්ලා හට දොල පිදේනි දුන් මේ පවුලේ දැන් ඉලක්කය බවට පත්ව ඇත්තේ මීගමුවේ රාජ්‍ය නිළධාරින්ය.
බල්ලොත් එක්ක ලැග්ග විට නැගිටින්න වන්නේ මැක්කෝ පිහිදදා යැයි ගැමි වහරේ කථාවක් වෙයි.
එහෙත් මීගමුවේ රාජ්‍ය නිළධාරින් දැන් නැගිටින්නේ ඇතෙක් බරට තෑගි බෝග ලබන්නට තරම් වරප්‍රසාදිතයන් විම තුලිනි.

Save