මීගමුවේ දොස්තරලා ,චමිලා සහ සෞඛ්‍ය බලධාරින්

0
102

නිති සිසුවියගේ ප්‍රශ්ණයට අදාලව සෞඛ්‍ය බලධාරින් වහා යුහුසුළු වි විමර්ශන ආරම්භ කලේය.ඒ මාධ්‍ය වලින් මේ ප්‍රශ්ණය මතු කිරිම නිසා මිස සෞඛ්‍ය බලධාරින්ගේ ක්‍රියාශිලිත්වය හෝ විනයගරුක බව නිසා නොවේ.
මීගමුව රෝහලේදි ඝාතනයට ලක්වු චමිලා නම් නිදහස් වෙළද කලාප යුවතියගේ චුදිත  සිමාවාසික වෛද්‍යවරයා ආරක්ෂා කරන්නට මීගමුව රෝහලේ වෛද්‍යවරුන් කොයිතරම් නම් උත්සාහයක් ගෙන තිබුනේද

1.සුදර්ශන බාලගේ නම් වු මේ සිමාවාසික වෛද්‍යවරයා විසින් 2007 අගොස්තු මාසයේදි මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක් වෛද්‍ය පරික්ෂණයකට යැයි කියමින් තමන්ගේ කාමරයට කැදවාගෙන ගොස් ලිංගික අතරවරයක් කිරිමට සුදානම් වු අවස්ථාවේ ඇය කැගසා ඉන් පැන විත් ඇගේ පෙම්වතාට දැනුම් දිමෙන් පසු සුදර්ශන බාලගේ මීගමුව  රෝහල් භූමිය තුලදිම පහරකෑමකට ලක්විය.
මේ සම්බන්ධයෙන් මීපුර පුවත් පත පමණක් මේ වෛද්‍යවරයාගේ  ක්‍රියාකලාපය විචේනයට මාධ්‍ය හරයා හෙළිදරව් කලද  රෝහල් බලධාරින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුයේ නැත.එපමණක් නොව මීගමුව රෝහලේ ඇතැම් වෛද්‍යවරුන් අර තරුණියගේ ඇද ඉහපත් වාර්ථාවල ඇය සිහිමද ගතියකින් පෙලෙන්නියක් ලෙසින් සදහන් කරමින් තමන්ගේ සල්ලාල වෛද්‍යවරයා බේරාගන්නට පෙරට ආවේය.

2.මීගමුව රෝහලේ පිරිසිදු කරන්නියක් වු බියට්‍රිස් විසින් සුදර්ශන බාලගේ චමිලා නම් වු තරුණියව කාඩ්බෝඩ් එකක් මත තබා ඇදගෙන යන ු අයුරු දුටු අයරු අධිකරණයට දන්වා සිටිම නිසා පළිගත්තු මීගමු රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකගේ නායකත්වයෙන් වෛද්‍යවරුන් බ්‍රියට්‍රිස්ව මීගමුව රෝහලේන් ඉවත් කිරිම සදහා මහත් වෙහෙසක් ගත්තේය. දින කිපයකට ඇයව රෝහලේන් අවස්කිරිමට පවා පියවර ගෙන තිබුණි.එහෙත් අපගේ මැදිහත්විම හරහා ක්‍රියාත්මක වු මානව හිමිකම් සංවිධානය නිසා ඇයට නැවතත් රෝහලේ රැකියාව ලබාගැනිමට හැකිවිය.

3.සුදර්ශන බාලගේ නම් වු සිමාවාසික වෛද්‍යවරයාගේ වෛද්‍ය කවුන්සිල ලියාපදිංචිය සදහා විශේෂඥ වෛද්‍යවරයෙක් විසින් රෙකමදාරු කල යුතුව තිබුනද ආදාල ශල්‍ය වෛද්‍ය විශේෂඥයා විසින් තමන්ගේ රෙකමදාරු අත්සන ඉන් ඉවත් කරගැනිමෙන් පසුද අවස්ථා කිපයකදිම මීගමුව රෝහලේ වෛද්‍යවරුන් විසින් අදාල අත්සන නැවත ලබාගෙන වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචිය ක්‍රියාත්මක කරවා ගැනිමට දැනටත් ුඅරගලයක නිරත වි සිටිති.

4.මීගමුව බන්ධනාගාරයෙන් අැප ලබා එලියට එන සුදර්ශන බාලගේ හට කුරණ ප්‍රදේශයේ තමන් විසින් පවත්වාගෙන යන අරෝග්‍යා නම් වු පුද්ගලික බෙහෙත් ශාලාව භාර දෙන්නට පියවර ගන්නේ දැනට මිගමුව බන්ධනාගාරයේ වෛද්‍යවරයා ලෙසින් කටයුතු කරන රජයේ වෛද්‍ය නිළධාරින්ගේ  සංගමයේ හිටපු ප්‍රධානියෙක් වු වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න ය.
වෛද්‍ය පානාවැන්න සම්බන්ධයෙන් පහත ප්‍රශ්ණ කිපය අප සෞඛ්‍ය බලධාරින් හමුවේ තැබිමට කැමැත්තෙමු.
1.ශ්‍රි ලංකා වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි නොමැති සුදර්ශන බාලගේ  විසින් වෛද්‍ය කවුන්සිලයත් රවටමින් ලියාපංචි අංකයක් සදහන් කරමින් කුරණ ආරෝග්‍ය බෙහෙත් ශාලාෙව් බෙහෙත් දිම කරගෙන ගිය අතර එ් බෙහෙත් ශාලාවේ රෝගින් හට නිකුත් කරනු ලබන බේත් තුණ්ඩු වල වම් පස ඇත්තේ වෛද්‍ය පනාවැන්නගේ නම  සහ නිල මුද්‍රාවයි.
මෙසේ රෝගින් මුලා කරන්නට රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් විසින් කටයුතු කර ඇති බවට අප සාධක ඇතිවම හෙළිදරව් කර තිබුනද වෛද්‍ය කවුන්සිලය  හෝ අදාල සෞඛ්‍ය බලධාරින් විසින් කිසිදු පියවරයක් ගත්තේ නැත.
මේ සියල්ල තුලින් නැවත් නැවතත් ඔප්පු කරනු ලැබ අැත්තේ සෞඛ්‍ය බලධාරින්ද තමන්ගේ කෂේත්‍රයේ ඇති ඇත්ත ප්‍රශ්ණ වෙනුවෙන් මැදිහත් වි ඒවා විසදනවා වේනුවට  මාධ්‍ය සංදර්ශනවල නැට්ටුවන් බවට පත්ව පෙරහැරේ යනවා හැරෙන්නට අන් කිසිවක් සිදුනොවන  බවය.