මීගමුවේ ධිවරයන්ට අද අලගුඩුවෝ අහුවෙලා …….

0
110

IMG_20200423_065516( 8.00 am ) අපහසුකම් අඩුපාඩුකම් මැද්දේ වුව දැන් මිගමුවේ ලෙල්ලම් ක්‍රියාත්මකය.එහෙත් තවමත් යහමින් පිටපළාත්වලින් මාළු තොග නිසි ලෙසින් පැමිණෙන්නේ නැත. පිටතින් එන මාළු තොග වැඩියෙන්ම අලෙවි කරනු ලබන දූව ලෙල්ලම දැන් ක්‍රියාත්මක කළයුතුව ඇත්තේ පොලිසිය විසින් පනවන්නට යෙදුන රෙගුලාසිවලට අනුවය.
ඒ අනුව පෙර පැවැති මාළු ලෑලි (මාළු විකුණන තැන් ) 3ක් එක් කොට එක මාළු විකුණන තැනක් දැන් සුදානම් කොට තිබේ. ඒ අනු ලෙල්ලමේ ඇති ඉඩකඩවලට අනුව එවැනි මාළු විකුණන තැන් 10 කට වඩා සකසාගන්නට  ඉඩ කඩක් නැති ගානය.
කෙසේ වෙතත් මේ ක්‍රමය දැන් ක්‍රියාත්මකය ඒ අනුව අලෙවි කරුවන් 57 දෙනෙකුගෙන් සමන්විත දූව ලෙල්ලමේ මාළු අලෙවිය සිදුකළ හැකිව ඇත්තේ මාරුවෙන් මාරුවටය.
අද විකුණන කෙනා හෙට තවත් අයෙකුට ඉඩදියයුතුය.
කෙසේ වෙතත් කාලයකට පසු අද මිගමුවේ ධිවරයන්ට අලුගුඩුවන් අසුවි ඇත.ධිවරයන් විසින් බයිටෝ නමින්ද හදුන්වනු ලබන මේ මාලු වර්ගය බලපැටව් ලෙසින් හදුන්වනු ලැබේ.
මේ නිසා අද දුව ලෙල්ලමේද වැඩිපුරම තිබි ඇත්තේ අලගුඩුවන්ය. කිලෝවක් රු 250 මිළකට අලෙවි වි තිබුණි.