මීගමුවේ ධිවර ලොක්කන්ට විසදන්න බැරිවුන කොටුදැල් ප්‍රශ්ණය ඇමති ලගටත් යයි !

0
230

මිගමුවේ වැල්ලවීදිය කේන්ද්‍රකොට ගෙන අනාදිමත් කාලයක සිට ක්‍රියාත්මක තෙප්පම් ධිවරයන් මේ දිනවල බරපතල රැකියා අර්බුදයකට මුහුණ දි සිටිති.

ඒ යාන්ත්‍රික කුඩාබෝට්ටු ධීවරයෝ පිරිසක් විසින් කරගෙන යන කිසියම් නීති විරෝධි රැකියා පන්න ක්‍රමයක් හේතුකොටගෙනය.පෝඩු දැල් වරෙක ක්‍රියාත්මක එය තවත් කාලයකදි කොටුදැල් නමින් තෙප්පම් ධිවරයන්ගේ මුහුදු සිමාව ආක්‍රමණය කරති.

කොටුදැල් නම් වු අනික් පන්න ක්‍රමය තහනම්කරගැනිම මේ දිනවල තෙප්පම් ධීවරයෝ අරගලයක නිරතව සිටිති. මේ ගැන මිපුර වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් කරමින් තෙප්පම් ධීවරයෝ කියා සිටින්නේ වෙරළේ සිට කි.මි 2දක්වා රැකියාව කිරිමේ අයිතිය ⁣යාන්ත්‍රික නොවන රැකියාකරුවන්ට පමණක් වෙනුවෙන් යැයි දැනට ඇති ගැසට් නිවෙිදනය ක්‍රියාත්මක කරමින තම අයිතිය තහවුරු කිරිමට බලධාරින් පියවර ගත යුතු බවය.

එහෙත් අවසනාව වන්නේ සැම වසරකම තෙප්පම් රැකියාකරුවන්කොටුදැල් ප්‍රශ්ණයට මුහුණ දිමට සිදුව තිබිමයි. ධිවර බලධාරින් කොයිතරම් නම් පොරොන්දු වුවද එය දැනට දශකයකටත් වඩා වැඩි කාලයක් වාර්ෂිකව ක්‍රියාත්මක වෙමින් තිබේ.

විශේෂයෙන්ම මිගමුව ධිවර කාර්යාලය මේ ප්‍රශ්ණය සම්බන්ධයෙන් ඇත්තටම නිසි පියවර ගැනිමට උනන්දුවක් ඇතිද යන ප්‍රශ්ණයක්ද දැන් මතුව තිබේ.

මිගමුවේ ධිවර ලොක්කන් හමුවේ මේ ප්‍රශ්ණයට විසදුම් නොලැබෙන බව තේරුම්ගත් තෙප්පම් ධිවරයෝ පසුගිය දිනක ධිවර ඇමති හමුවිමට කොළඹ ගොස් තිබුණි.
එහිදි තෙප්පම් ධිවරයන් මුහුණ දෙන ප්‍රශ්ණ රැසක් ඇමති හමුවේ ඉදිරිපත් කර තිබුන අතර ඒවාට විසදුම් දෙන බවට ඇමති පොරොන්දු වු බව තෙප්පම් සමිත ප්‍රධානියෙකු මිපුර අමතා කියා සිටියේය