මීගමුවේ නත්තල් කඩවලට ඉහල ඉල්ලුමක්

0
56


(6.45pm )මීගමුව නගරය තුළ මෙවර මහත් ආන්දෝලනයකට ලක් වු නත්තල් කඩ සම්බන්ධයෙන් මිගමුව, මහ නගර සභාවේ ස්ථාවරය වුයේ මෙවර නත්තල් කඩ එක් පුද්ගලයෙකුට හෙවත් එක් ටෙන්ඩර් කරුවෙකුට ලබා නොදීමයි. එලෙස එක් අයකුට ටෙන්ඩරය ලබා නොදී කඩ අවශ්‍ය අයට නගර සභාව හා සෘජුව සම්බන්ධ වී අයදුම්කර කඩයක් ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකසන ලදී. එම විස්තර දැක්වෙන බැනර් කිහිපයක්ද මීගමුව නගරයේ ප්‍රදර්ශනය කර තිබිණි.


                 ඒ අනුව වාර්තා වන්නේ ඊයේ  එනම් 03/12/2024 දින අවසන් වන විට මීගමුව නගරයේ නත්තල් කඩ සම්බන්ධව අයදුම්පත් 80 ක් පමණ ලැබී තිබූ බවයි. මේ අනුව තවත් දින කිහිපයකින් ටෙන්ඩර් විවෘත කර වැඩිම මිල ගණන් වලට නත්තල් කඩ අයදුම් කළ අයට එම කඩ ලබාදීමට මීගමුව මහ නගර සභාව කටයුතු කරන බව ද වැඩිදුරටත් වාර්තා වුණි..