මීගමුවේ නත්තල් පොලවල් වලින් කප්පම් ගන්න මන්ත්‍රි කව්ද ?

0
75

MC membersමීගමුවේ පොළවල් වල යනු නිරන්තරයෙන්ම එහි වෙළදුන්ව තලා පෙලා කප්පම්කරුවන් මෙන් කටයුතු කරන පිරිසක්ම විය.
මෙවර  මීගමුවේ නත්තල් පොළවල් ඇත්ත හිමිකරුවා වන්නේ මීගමුවේ මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙකි.ඔහු නියෝජනය කරනු ලබන්නේ කාමච්චෝඩේ බලප්‍රදේශයයි.
නත්තල් පොල ගිවිසුමට අනුව දික් අඩියක් සදහා අයකළ හැකි උපරිම මුදල 1500 ක් වේ.එහෙත් වාර්ථා වන අන්දමට අදාල පොළ ටෙන්ඩර්කරු විසින් ඇතැම් වෙළදුන්ගෙන් රු 8000 ක් දිය යුතු බව දැනුම් දි ඇත.
ටෙන්ඩර් කොන්දේසිවල ඇති මුදලට වඩා ටෙන්ඩර්කරුවෙකු වෙළදුන්ගෙන් අයකරනුයේ නම් එය පැහැදිලි කප්පම් ගැනිමකි.
මේ පිළිබදව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් නගර සභාවේ ජේෂ්ඨ නිළධාරියෙකු කියා සිටියේ ටෙන්ඩර්කරු විසින් මෙසේ ගිවිසුම් ගත මුදලට වඩා අයකරන්නේ නම් ඒ ගැන පැමිණිලි කිරිමෙන් පසු අදාල ටෙන්ඩරය අවලංගු කිරිමේ හැකියාවක්ද පවතින බවය.