නත්තල් පොල ටෙන්ඩර් නොකළේ නම් මෙසේ තැන තැන කඩ ඉදිවන්නේ කෙසේ දැයි විමසා බැලිමේදි දැන ගන්නට ලැබුනේ නගරාධිපතිවරයා සමිපයේ සිටින පිරිසක් විසින් විවිධ ඉහල මිළ ගණන් යටතේ මේ කඩ දැන් අතයට ගණුදෙනු ලෙසින් විකුණමින් ඇති බවය.
මේ පිළිබදව කළ විමසුමකදි මෙසේ කඩයක් මිළට ගත් අයෙකු කියා සිටියේ වර්ග අඩියක් වෙනුවේන් රුපියල් 6000 ක ආසන්න මුදලක් ගෙවා ඇති බවය.
මේ අනුව පෙනි යන්නේ වාර්ග අඩි 10 ක බිම්කඩක් වෙනුවෙන් රුපියල් 60000 ක ආදයමක් නගරාධිපතිගේ ගෝලබාලයන් අතට පත්වෙමින් ඇති බවකි.
වෙන සැරවලදි මෙන් එය නගර සභාවේ අදායමක් ලෙසින් මෙවර ලැබෙන්නේ නැති අතර නගරාධිපතිවරයාගේ මඩිය තරකරගැනිම වෙනුවෙන් පමණක් එය බැර වෙන බවනම් සක්සුදක් සේ පැහැදිලිය.