මීගමුවේ නන්දේ සහ ශකිලා නැවතත් එංගලන්තයේදි රන් සම්මාන ලබති.

0
141

nande saki 2nande 1nande 2nande 3nande 4nande 6nande 5

පසුගිය දිනක එංගලන්තයේදි පැවැති කේක් නිර්මාණ තරගගයකින් නැවත වතාවක් ජයලබන්නට මීගමුවේ උපත ලද යුවලක් සමත්ව ඇත.
ඒ මීගමුව නන්දේ සහ ශකිලා යුවල විසිනි.
මෙවර තරගාවලිය පසුගිය මාර්තු 13 /14 සහ 15 යන දිනවල එංගලන්තයේ අර්න්හැම් නගරයේදි පැවැත්විණි
Squires kitchen නම්වු මෙම අයිසින් කේක් තරගාවලිය පවත්වා ඇත්තේ 29 වන වරටය.
මීට පෙරද එංගලන්තයේ පැවැති තරගවලින් ජය ලබන්නට මේ යුවල සමත්ව ඇත.
ඒ අනුව ශකිලා මහත්මිය මේ වන විට එංගලන්තයෙන් පමණක් සම්මාන 5 ක් හිමිකරගෙන සිටින්නිය.
ශකිලා ලියණපතිරණ මහත්මිය  නිව්ස්ටඩ් බාලිකා විදුහලේ ආදි සිසුවියක වන වන අතර අගේ ස්වාමියා වන නන්ද ලියනපතිරණ මහතා හරිස්චන්ද්‍ර විදුහලේ සහ ජෝශප් වාස් විදුහලේ ආදි සිසුවෙකි.
රන් සම්මාන 10 සදහා පැවැති මෙම තරගයේදි රන් සම්මාන 3 ක්ම දිනාගන්නට මේ යුවල සමත්විය.
ඉතාලියේ  බ්‍රේසියා නුවර කලක සිට පදිංචිව සිටි මේ දෙපල කේක් නිර්මාණ පිළිදව බ්‍රේසියා නගරයේදි විශේෂ පංතියක්ද පවත්වාගෙන යති
ශකිලා ලියනපතිරණ මහත්මිය  කේක් නිර්මාණ තරඟ විනිසුරුවරියක් ලෙසින්ද කටයුතු කරන්නීය.මීගමුවේ නම ජාත්‍යන්තරයට ගෙන ගිට මේ යුවලට මිපුර අපේ සුපැතුම් …

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here