මීගමුවේ නාගරික කොමසාරිස්තුමියට වට්ටිඅම්මා කියලා බැනලා..?

0
79

බස්නාහිර පළාත් සභා ඇමැති නිමල් ලංසා මහතාගේ  හෙංචයියෙක්වු රන්මුතු නැමැති තාක්ෂණ නිළධාරියා සිය දේශපාලන හාම්පුතාගේ බලමහිමය ඇගට ගෙන මීගමුව නගර සභාව තුල හැසිරෙන්නේ තමන් එහි සිටින එකම චණ්ඩියා ලෙසිනි.
මීගමුව මහනගර සභාවේ සිදුව ඇති චංචා ගණනාවකට ප්‍රධාන වගඋත්තර කරුවෙක් වන මේ රන්මුතු නැමැත්තා මෑතකදි නගර සභා භූමියේ තේක්ක ගසක් කපා හොරෙන් ගෙන යාම පිළිබද සිද්ධියේද ප්‍රධාන චරිතයකි.
රන්මුතු පසුගිය දිනක මීගමුවේ නාගරික කොමසාරිස්තුමියට ඉතාමත් පහත් ලෙසින් බැන වැදි ඇත. වට්ටි අම්මා යැයි කියමින් ඉතාමත් පහත් භාෂාවෙන් බැන වැදුන මේ මහජන දේපල කොල්ල කන්නා මේ කාන්තාවකට සිදු කළ පරුෂ වාග් ප්‍රහාරය නවතාලිමට මැදිහත්ව ඇත්තේ නගරාධිපතිතුමාගේ පුද්ගලික ලේකම්වරයා විසිනි.
මෙවන් නරුම නිළධාරින් ගැන නිතිය ක්‍රියාත්මක කරන්නට මීගමුවේ දේශපාලන අධිකාරිය අසමත්ද නගරාධිපති පසුබට වන්නේ ද ? අාසන සංවිධායකවරයා නිහඩද ??