මීගමුවේ නීති විරෝධි ටෙන්ඩර් ගැන ඉහල අණකින් විමර්ශනයක් ?

0
62

මීගමුවේ නිකි විරෝධි ආකාරයෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පිටින් ක්‍රියාත්මක කර තිබුණ ටෙන්ඩර් රැසක් පිළිබද විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් විසින් පසුගියදා ශ්‍රෙෂ්ඨාධිකරණයේ පැමිණිල්ලක් ගොනු කිරිමෙන් පසුව මේ ප්‍රශ්ණය පිළිබදව රටේ අනෙක් බලධාරින්ගේද අවධානය යොමු ව ඇති බව පෙනේ.
ඒ් අනුව බස්නාහිර පළාතේ ඉහල තනතුරක් දරන අයෙකු විසින්ද මේ වන විට මේ දුෂිත ටෙන්ඩර් ගණුදෙනු ගැන විමර්ශනයක් අරභා ඇතැයි ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
පළාත් පාලන ආයතනවල කාල සිමාව ලබන වසරේ මුලදි අවසන් විමට නියමිතව ඇති පසුබිමක මිගමුව නගරාධිපතිවරයා විසින් සිය පියාට මිගමුව බිච් පාක් එක වසර 3 කට බදුදි තිබුණි.
මෙයට අමතරව සති ප‌ොළවල් ඇතුළු ටෙන්ඩර් රැසක් 5% කින් ටෙන්ඩර් මිළ ඉහල දමමින් ඒ්වා පවත්වාගෙන ගිය අය වෙතම ලබාදිමට කටයුතු කර තිබුණි.
මිගමුවේ ඒජාප සංවිධායක ඇතුලු 11 දෙනෙකු මේ අන්ත දුෂිත ගණුවෙනුව සිය සහය පළකර තිබිම ගැනද මිගමුවේ බදු ගෙවන ජනයා අතර දැනටමත් ප්‍රබල විරෝධයක් මතුව තිබේ.