මීගමුවේ නීති විරෝධි ත්‍රිරෝද රථගාල් ඉවත් කෙරේ. ?

0
163

ත්‍රිවිල් පාක්මීගමුවේ  විධිමත් රථවාහන සැලැස්මක් නිර්මාණය කිරිමේදි මතුව ඇති එක් බාධාවක් ලෙස තැන තැන හතු පිපෙන්නාක් මෙන් ස්ථාපිත වන ත්‍රීරෝද රථ ගාල්ද හේතුවි ඇත.
මේ බව සදහන් වුයේ දැනට ක්‍රියාත්මක රථ වාහන සැලැස්ම පිලිබදව පොලිසියේ ඉහල පෙලේ නිළධාරින් ද ව්‍යාපාරික සංගම්වල ප්‍රධානින් සහ මීගමුව් විද්වතුන් පිරිසක් අතර පැවැති සාකච්ජාවකදිය.
මෙහිදි මතුවු එක් කරුණක් වුයේ මීගමුව දම්රෝ සහ නයෝමි අවන්හල අතරින් දිවෙන පුද්ගලික පාරක් කොටසක්ද අල්ලා ගනිමින් ත්‍රිරෝද සංගමයක් විසින් කිසිදු නීතිමය පදනමකින් තොරව සිය සමිතියේ නමද සදහන් කරමින් පුවරු පවා සිටුවා තිබිම ගැනය.
එහිදි අදහස් ඉදිරිපත් කළ මීගමුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ගජනායක මහතා සදහන් කලේ එකි නීති විරෝධි ත්‍රි රෝද රථගාල ඉවත් කළ බවය.