මීගමුවේ ප්‍රමිතියෙන් තොර සැමන් හදන තැනක් ? මහජන සෞඛ්‍ය පරික්ෂකවරු නිහඩද ?

0
59

(1.00 pm ) ඉදිරි උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා ආහාර සේවා පරීක්ෂා කිරීමේ කටයුතු   ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ (PHI) සංගමය නිවේදනය කළ බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

අලුත් අවුරුදු උත්සව සමය සඳහා විශේෂයෙන් නිපදවන ආහාර මිලදී ගැනීමේදී අතිශයින්ම ප්‍රවේශම් වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රොහාන් පාරිභෝගිකයින්ට උපදෙස් දි ඇතැයිද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

මේ අතර මීගමුව අරභයා පසුගිය දිනවල ප්‍රමිතියෙන් තොර සැමැන් නිෂ්පාදනය කරනු ලබන තැනක් ගැන පැමිණිලි මතුව  තිබුන අතර මේ සම්බන්ධයෙන් මිගමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කඩිනම් ක්‍රියාමාර්ග ගණු ඇතැයි මිගමුවෙ පාරිභෝගික ජනයා අවධානයෙන් යුතුව බලා සිටි.

කෙසේ වෙතත් විවිධ නිෂ්පාදන නාමයන් යටතේ වෙළදපළට පැමිණ ඇති  ඇතැම් සැමන් වර්ග පාරිභෝජනය කිරිමෙන් පසුව විවිධ ආසාත්මිකතා ඇතිව තිබෙන බවද මේ දිනවල වාර්තා වන්නට පටන් ගෙනය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here