


( 9.45 am ) පසුගිය දා වසා දැමුන ප්‍රධාන ලෙල්ලම් තුන අද සිට විවෘත කර තිබේ.එහෙත් ගැටළු රැසක් ඇති බව ධිවර ව්‍යාපාරිකයෝ පවසා සිටිති.
දූව ලෙල්ලමේ මාළු අලෙවි කෙරෙන ලෑලි 3ක් එක්කර එක අලෙවිකරුවෙකු විසින් වෙළදාම සදහා යොදගත යුතුය.
එහිදි එකි ලෙල්ලමේ අලෙවිකරුවන් සියලු දෙනාටම එකම දිනයක මාලු අලෙවියේ යෙදිමට නොහැකිවනු ඇත.
කෙසේ වෙතත් පවතින ගැටලුකාරි තත්වය හමුවේ පොලිසිය විසින් මෙසේ යෝජනා කර තිබුනද එය තවමත් ගැටළුකාරිව පවති.
කෙසේ වෙතත් අද දිනයේ ඇතැම් බහුදින යාත්‍රා සිය මත්ස්‍ය අස්වැන්න සිය බෝට්ටුවලින් බාන අයුරුද දැක ගතහැකිවිය.මේ අනුව සමුපාකාර ලෙල්ලම,දුව මිසමට අයත් ලෙල්ලම සහ පිටිපන ලෙල්ලමට අයත් ලෙල්ලම ඇතුලු සියල්ල අද විෘතව තිබුණි.එහෙත් අද පිටපලාත්වලින් සැලකිය යුතු තරමින් මාළු පැමිණ තිබුනේද නැත.එම ගැණුම් කරුවන්ගේ අඩුවක්ද පැවතිණි.
ලෙල්ලම තුනේම වැඩිපුරම දකින්නට ලැබුනේ බලයා මාළු වර්ගයයි. එහි කිලොවක මිල රු 250 සිට 350 අතර පැවතුණි.