මීගමුව වේගයෙන් සංවර්ධනය වන නගරයකි.ජනතාවට සිය විවේකය ගතිකිරිමට ඇති පුද්ගලික භුමි අයිතින්ගේ සිමාවන් නිසාම වැඩි වැඩියෙන් පොදු විවේකස්ථාන වැඩිකිරිම අත්‍යවශ්‍ය කටයුත්තක්ව පවති.මේ අරභයා මීගමුව මහ නගර සභාව විසින් මේ ඉඩ ප්‍රස්ථා වැඩිකිරිම ඉලක්ක කර ගත් වැඩ පිළිවෙලක් විධිමත් ලෙසින් ආරම්භ කිරිමේ බරපතල අවශ්‍යතාවක් පවති.
එහෙත් අද මීගමුව මහ නගර සභාව විසින් ඇත්තටම කර ඇත්තේ කුමක්ද…???
මීගමුවේ ඇති ප්‍රධානතම පාක් දෙක සම්බන්ධයෙන් මහ නගර සභාවේ ආකල්පය වි ඇත්තේ ජනතාවට විවේකිව සංස්කෘතික ජිවිතයක් පවත්වා ගැනිමට ඉඩ සලසනු වෙනුවට ඒවා මුදල් හම්බකිරිම වෙනුවෙන් පමණක් සිතා කටයුතු සැලසුම්කර තිබිමයි.
මීගමුවේ රාජපක්ෂ උද්‍යානය මීගමුවේ ජනයාගේ විවේකය ගතිකිරිම වෙනුවෙන්
යොදාගැනිමට යැයි කියා රාජපක්ෂ මුදලි තුමන් විසින් එදා පරිත්‍යාග කරන ලද්දේ එය කිසිදු මුදල් ඉපයිමේ කටයුත්තකට යොදානොගත යුතු බව දන්වමිනි. ඒ බැවි මේ පරිත්‍යාග ඔප්පුවේද සදහන්ව තිබුන බව සැලය. එහෙත් එකි ඔප්පුව පවා වෙනස් කරමින් මීගමුවේ රාජපක්ෂ උද්‍යානය 30 අවුරුදු බදු ගිවිසුමක් යටතේ ‘තිම් පාක් ඉන්ටර්ටෙන්ට්මන්ට්’ ආයතනය වෙත පවරන ලදි. මෙවන් බදු දිම් වලදි මුල්‍ය ආවරණයක් ලබාගැනිම අනිවාර්ය කොන්දේසියක් වුවද මීගමුවේ දේශපාලන අධිකාරියේ බලපෑම නිසා සිය වෘත්තිය සදාචාරය පවා බිංදුවට දමාගෙන ඇති නගර සභාවේ පරිපාලන අධිකාරිය ආදාළ ආයතනයෙන් කිසිදු මුල්‍ය ආවරණයක් ලබාගෙන තිබුනේ ද නැත.
තිම් පාක් ආයතනය විසින් විවිධ විනෝදමේලා අයිතමයන් පාක් එක තුළ ස්ථාපිත කලද එය ජනයාට අකාර්ශනය ගෙනන මුදල් ඉපයිය හැකි ව්‍යපෘතියක් වුයේ නැත.පසුව මෙකි ආයතනය විසින් පි.ජි මාටින්ස් නම් ආයතනය වෙත නැවත බදු දි ඇත. මෙවැනි ප්‍රතිබදු දිම් පළාත්පාලන ආයතිනක රෙගුලාසි යටතේ කළ නොහැක.
පසුව සිදුවන්නේ පි.ජි මාටින්ස් ආයතනය ට පවා මෙය පවත්වාගෙන යාමට නොහැකි වු තත්වයක් තුළ අවසාන වශයෙන් පාක් එක නැවතත් මහ නගර සභාවට පවරා ගන්නට සිදු විමයි. ඒ නිකම් ම නොවේ.
1.තිම් පාක් ආයතනය විසින් නගර සභාවට මාසිකව ගෙවන්නට ගිවිස ගෙන සිටි මුදල වු රු ලක්ෂ 5 ක් මාස ගණනක් නොගෙවිම නිසා දැන් එය රු ලක්ෂ 50 ක් ඉක්මවු ණයක් බවට පත්ව ඇත. මේ මුදලින් අඩක් හෝ ආවරණය කරගැනිමට නොහැකිව ඇත්තේ මීගමුව මහ නගර සභාවේ නිළධාරින් විසින් කිසිදු මුල්‍ය ආවරණයක් ලබාගෙන නොමැතිවිම නිසාය.
2. පි.ජි මාටින්ස් ආයතනයට අයත් ක්‍රිඩා භාණ්ඩ තොගයක් පාක් එක තුළ තිබිම නිසා ඒවා ආරක්ෂා කිරිම සදහා ආරක්ෂක සේවාවක්ද පාක් එක තුල ක්‍රියාත්මක කරවිමට සිදුව ඇති නිසා මසකට රු ලක්ෂයක් ඉක්ම වු මුදලක් මේ වෙනුවෙන් වැය කිරිමට නගර සභාවට සිදුව ඇත.
3.රාජපක්ෂ උද්‍යානය විවෘතව පැවැති සමයේ ටිකට් අලෙවි කිරිමෙන් යම් ආදයමක් නගර සභාවට ලැබුනද දැන් එයද ක්‍රියාක්මක නැත.
මේ අනුව බලන කළ නගරයේ මැද අක්කර 7 කින් සමන්විත සුවිශල් සෙවනකින් යුතු පරිසරක පහස විදින්නට මීගමුවේ ජනයාට තිබු අයිතිය, සංස්කෘතික ජිවිතයක හරය නොදන්නා සල්ලි හම්බ කිරිම වෙනුවෙන් සියල්ල සැලසුම් කරනු ලබන වංක දේශපාලකයන්ගේ ආසාර්ථක බව හමුවේ ගිලිහි ගොස් තිබේ. මේ මනරම් පරිසරය සහිත උද්‍යානය වසා දැමුනේ 2009 ජුලි මස 16 වනදාය.
මෙම අසාර්ථක ව්‍යාපෘතිය ඇරඹුනේ හිටපු නගරාධිපති නිමල් ලංසාගේ පාලනය සමයේ දිය .
මීගමුවේ සුන්දර වෙරළේ අයිතිය..????.
මීගමුවට සුන්දර වෙරළක් හිමිය. කොටුව පිට්ටනිය අසල වු වෙරළ තිරය අතිතයේදි මීයගමුවේ ජනයා පමණක් නොව පිට පළාත්වලින් ද පැමිණ සිය විවේක සුවය ගතකල සුන්දර පරිසරයක් විය.එහෙත් තමන්ගේ පටු දේශාපලනික අරමුණ වෙනුවෙන් කිසිදු සැලසුමකින් තොරව මේ වෙරළ තිරය මසුන් අලෙවි කිරිමට ඉඩ සැලසු තැනක් බවට පත් කළේය.
එහෙත් මේ පොල භුමිය නගර සභාවට කිසිදු මුදලක් අය වු එකක් නොවුයේ එය මීගමුව වැල්ලවිදියේ එක්තරා සංවිධානයකට පවරා තිබිම නිසාය. පසුව එය වැල්ලවිදිය පල්ලියේ පාලනය යටතට පත්කිරිමට අදාල දේශපාලන බලඅධිකාරය විසින් කටයුතු කළේය.වෙරළ තිරයේ පාලනය පල්ලියකට පවරන්නට කිසිදු නිතිමය ඉඩක් නැත.
පසුව මෙහි ස්ථිර මාළු අලෙවි සංකිර්ණයක් ඉදි වු අතර එහි ටෙන්ඩරය වැල්ලවිදිය පල්ලිය විසින් වසර 5 ක් සදහා මීගමුවේ එක්තරා පුද්ගලයෙක් හට පවරන්නට යෙදුනි.
එපමණක් නොව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් පාරක් රියපොළක් ලෙසින් පවත්වාගෙන යන්නටද මේ බදුකරු කටයුතු කරගෙන යනු ලබයි. මෙහි වඩාත් හාස්‍ය ජනක සිදුවිම වන්නේ මේ ගාල් කෙරෙන වාහන සදහා අලෙවි වන ටිකට් පතේ දක්වා ඇත්තේ එකි රිය පොල වැල්ලවිදිය පල්ලියේ අයත් එකක් බවය. මේ සියල්ලේ ආදයම් හිමි වන්නේද මේ බදු කරු වෙතය.
එහෙත් මේ පොළ භුමිය සහ මාළු අලෙවි සංකිර්ණය දිනපතා පිරිසිදු කිරිම සහ අපද්‍රව්‍ය බැහැර කිරිම මීගමුව මහ නගර සභාව වෙත පැවරි ඇත.
මාළු වෙළද සංකිර්ණයේ අයිතිය මතුව තිබුන ගැටළු සාකච්ජා කිරිම සදහා 2012 මැයි 22 වනදා මීගමුව මහ නගර සභාවේ විශේෂ රැස්විමක් පැවැත්විණි . මෙ සාකච්ජාවට මිගමුවේ අනුනායක පැට්ට්‍රික් පියතුමන්ද සහභාගි වි සිටියහ.
ලංසා පාලන සමයේ සිට මෙම වෙරළ තිරයේ පාලන අයිතිය පල්ලියට ඇති යැයි කියන්නට පටන්ගත්තේය. එයට කිසිදු නිතිමය පදනමක් නොතිබුණි.
තතු එසේ නම් මෙහිදි මතු වන සරල ප්‍රශ්නය වන්නේ පල්ලියට හෝ වෙනත් බාහිර ආයතනයකට අයත් ඉඩමක මහ භාණ්ඩාගාරයේ ලක්ෂ ගණනක මුදල් අයෝජනය කරමින් මෙවන් ව්‍යාපෘතියක් ඉදිකරනු ලබන්නේ කෙසේද යන්නයි.
අනික් කරුණ වන්නේ මහ භාණ්ඩාගාරයේ වියදමින් තැනු මාළු වෙළද සංකිර්ණයේ කඩ කුලියට දෙන්නට වෙනත් කණ්ඩායමකට හෝ ආයතනයකට ඇති අයිතිය කුමක්ද යන්නයි.මේ අනුව බලන කළ අනාදිමත් කාලයක සිට මීගමුව වැල්ල නමින් සදහන් කළ ඒ අති සුන්දර පරිසරය අද මීගමුවේ එක් දේශපාලන කුටුම්භයක ආදායම් මාර්ගයක් බවට පත්කරගන්නට මේ සටකපට දේශපාලනය විසින් ඉඩ සලසාගෙන ඇති අයුරු අපට පැහැදිලිව දැකගතහැකිව තිබේ.
බිච් පාක් එක කාටද,,,.
මීගමුවේ ජනතාවට අද විවෘතව ඇති එකම පාක් එක වන්නේ මීගමුවේ බිච් පාක් එකයි. එහි වැසිකිලි පද්ධතිය සහ රථ ගාලේ ටෙන්ඩරය දැනට වසර ගණණාවක් තිස්සේ මීගමුවේ එක් පුද්ගලයෙක් විසින්ම ලබාගන්නට තරම් වාසනාවන්ත වි ඇති අතර එය වරෙක ගිනස් වාර්ථා පොතට යන්නට තරම් ගණයේ එකක් වන්නටද බැරි නැත.
දැනට වසර 10 කටත් අධික කාලයක සිට වසර කට 10 % ක් පමණක් වැඩි කරමින් එකම ටෙන්ඩර්කරුවෙක් හට නොකඩාවාම ලබාදෙමින් තිබේ.වාර්ෂිකව නගර සභාවට ගෙවනු ලබන මුදලට වඩා විශාල මුදලක් මෙහි ටෙන්ඩර්කරු විසින් වෙරළ තිරයෙන් විවිධාකාරයෙන් උපයාගනිමින් තිබේ.
බිච් පාක් එක තුල ක්‍රියාත්මක අනිකුත් වෙළද ව්‍යාපාර හරහා මේ ටෙන්ඩර්කරු විසින් විශාල ආදයමක් වාර්ෂිකව ලබයි .අයිස් ක්‍රිම් වෙළදුන්ගෙන් රු ලක්ෂ 4 ක් ආදායමක් උපයයි. කඩල අලෙවි කරන්නෙක් පමණක් රු 15000 ක පමණ මාසිකව ගෙවන බැව් පැවසේ එවන් කඩල අලෙවි කරුවන් 15 දෙනෙකු පමණ ඇතැයි වාර්ථා වේ. බිච් පාක් හි ඇති සෙල්ලම් කොච්චියේ අයිතිකරු ද රු ලක්ෂ 2 කක් පමණ ගෙවන බව සැලය. බැලුම්බෝල කරුවෙක්ද රුපියල් 10000 ක් පමණ මාසිකව ගෙවති.
මේ වෙරල තිරයේ අයිතිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එදා අයිතිව තිබියදි මෙසේ අදායම් ගන්නට එක් පුද්ගලයෙක්ට හැකිව ඇත්තේ කෙසේද. එමෙන්ම අද මේ වෙරළ තිරය අයත් වන්නේ රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුවටය. එහෙත් මෙහි අදායම් සියල්ල භුක්ති විදින්නේ කව්ද…
බස්නාහිර පළාත් සභාවේ සංචාරක ව්‍යපෘතියක කොටසක් ලෙසින් දැන් මේ බිච් පාක් එක තුල පිහිනුම් තටාකයක් ඉදිවෙමින් ඇති බවද සැලය. මේ ගැන අප විසින් මෙකි ඉදිකිරිම් වල මුල් අවස්ථාවේ අදාල බලධාරින්ගෙන් විමසා සිටියදි ඔවුන් පවසා තිබුනේ වෙරළ තිරයේ පිහිනුම් තාටාකයක් වෙනුවෙන් කිසිදු අවසරයක් තමන් ලාබා දි නැති බවය.2010 වසරේ අප්‍රේල් මාසයේ අප විසින් මීගමුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශිය ඉජිනේරු රූපසිංහ මහතා පවසා සිටියේ මහජන සුභසාධනය සලකා මෙහි ඇතැම් ගොඩනැගිලි ඉදිකරන්නට අවසර ලබාදි තිබුනද පිහිණුම් තටාකයක් තනන්නට කිසිදු අවසරයක් ලබා නොදෙන බවය.එහෙත් අද එහි සිදුවන්නේ කුමක්දැයි සියල්ලෝ දනිති.
මේ අනුව අපට පෙනෙන එක් පැහැදිලි කරුණක් ඇත. එනම් මීගමුවේ ජනතාවගේ විවේකි සංස්කෘතික ජිවිතයට ඉඩ සලසා දෙනවාට වඩා එක් පුද්ගලයෙක් හට හම්බකරගැනිමට හැකි සියළු ඉඩ විවර වනසේ සියල්ල සැලසුම් කරන්නට දේශපාලකයෙක් කටයුතු කර ඇති අන්දමයි.
ඉතින් ඔහුට වටින්නේ ජනතාවද,,,,,සල්ලිද,,,??????