මීගමුවේ පාතාල දේශපාලකයන් බිහිවිමට මාධ්‍යවේදින්ද වගකිව යුතුයි ?

0
113
Politician talking into reporters' microphones

index

පුංචි රෝමය යැයි විරුදාවලියක් ලබා තිබුණු මීගමුව දැන් චිකාගෝ නුවරක් වි ඇත.
දැහැමි නිහතමානි දේශපාලකයන් රැසකට උරුම කම් කී  මිගමුව,  පාතලකරණය විම ඇරඹුනේ ආනන්ද මුණසිංහ නැමැති දේශපාලකයාගේ ආගමනයත් සමගින් බව අද මීගමුවේ දේශපාලනය ගැන දැනුමක් සහිත පුද්ගලයන්ගේද මතයයි.
එතැනින් ඇරඹි දේශපාලනය පතාලකරණය විම තවත් ඉදිරියට ගියේ නිමල් ලංසාගේ දේශපාලන ප්‍රවේශයත් සමගින්ය.
මීගමුවේ පාලන බලය මේ ආකාරයෙන් පතාලකරණය වු පවුලක් අතට පත්විමෙන් පසු අද එය පිමි පනිමින් වර්ධනය වන්නට පටන්ගෙන ඇත්තේ දයාන් ලංසා නැමැති දේශපාලකයා විසින් සිය දේශපාලන භුමිකාව රගදක්වන්නට පටන් ගැනිමත් සමගිනි.
එහෙත් අවාසනාව වන්නේ මෑතකාලිනව සිදුවු මේ බොහොමයක් මැර ක්‍රියා ගැන මීගමුවේ සිංහල බහුතරයක් මාධ්‍යවේදින් කිසිවක් නොලියා සිටිමය.
නිදසුනක් ලෙස මීගමුව මහනගර සභාවේ ලේකම්වරියට නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා විසින් සිය කාමරයට කැදවා අමු තිත්ත කුණුහරුපයෙන් බැන වැදිම නිසා ඇගේ රුධිර පිඩන තත්වය වැඩිවිම හේතුවෙන් රෝහල්ගත කරන්නට පවා සිදුවිය.
එහෙත් මෙවන් නරුම ක්‍රියාවක් ගැන රටට ලෝකයට කියන්නට මීගමුවේ සිටින බහුතරයක් වු සිංහල මාධ්‍යවේදින් අපොහොසත් විය.
මැරයන්ගේ පාතාල ක්‍රියා ජනයාගෙන් වසන් කිරිමට මේ ආකාරයෙන් මාධ්‍යවේදින් කටයුතු කිරිමෙන් සිදුව ඇත්තේ මැරයන් හට ලයිසන් දිමක් වැනි තත්වයකි.
වෙනත් නගර හා සැසදිමේදි මීගමුව තුල සිදුවන මෙවැනි බොහොමයක් දැ ජනතාවට අතරට යන්නේ නැත.
පොලිසිය හා උසාවිය අතර පමණක් දෝලනය වන වාර්ථාකරණය සිය ජිවන වෘත්තිය කරගත් බහුතරයක් වු වාර්තාකරුවන් පිරිසක් මීගමුව තුල සිටිම හේතුකොට මැරයන්ගේ පාතාල දේශපාලනයටද දිනපතා ලයිසන් ලැබෙමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here