මීගමුවේ පාර්ලිමේන්තු අසුන සොරාගත් හනුමන්තලා කව්ද ?

0
95

2වසර 20 කට පසුව මීගමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු පත්කර යැවිමට මීගමුවේ ජනයා තුල වු සිහිනය සොරාගත් උන් ගැන දැන් තැන තැන කථා බහ පටන්ගෙන තිබේ.
මෙහිදි පැහැදිලි වන එක කරුණක් වන්නේ මුදල් වාසි තකා පිටපළාත්වල අපේක්ෂකයන්ට මීගමු එජාප මනාපයන් ලබාදිම සදහා කිසියම් පිරිසක් සංවිධානාත්මක වැඩපිළිවෙලක නිරතව සිට ඇති බවය.
මීගමුව ආසනය සදහා ඡන්ද 48000 ක් ලැබෙද්දි ඉන් පාර්ලිමේන්තුවට යැවිය යුතුව සිටි අපේක්ෂකයාට ලැබුනේ මනාප 31000 පමණ ගණනකි.
එනම් මනාප 17000 කට ආසන්න ප්‍රමාණයක් පිටපළාත් වලින් පැමිණි අය සදහා විකුණා ඇති බවය.
මේ තැරැව්කරුවන් සියල්ල දැන් හෙළිදරව්වි ඇතැයි නම සදහන් කිරිමට අකමැති වු එජාප ජේෂ්ඨ ක්‍රියාකාරිකයෙකු මිපුරට පවසා සිටියේය.
මේ අයට ඉදිරියේදි ප්‍රසිද්ධියේ සිය විරෝධයන් එල්ල කරන්නට තම ක්‍රියාකාරින් බලා සිටින බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
මීගමුව ආසනයේ ජයසැමරිම සදහා පසුගිය දිනක මීගමුව මහනගර සභා ක්‍රිඩාපිටියේ පැවති උත්සවය සදහා මීගමුවේ මනාප පිටට විකුණු තැරැව්කරුවන් එහි පැමිණ නොසිටි බවද පැමිණ සිටි උප එජන්තයෙකු එහි රැස්ව සිටි සාමාන්‍ය ජනයාගේන් ලුණුඇඹුල් ඇතිව අහගත් බවද ඔහු කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here