මීගමුවේ පාලනය දේශපාලන පාතාලය අතටද..?????

0
85

මීගමුවේ පොලවල් පාලනය කිරිමේ සිට අනෙකුත් සියල්ල තින්දු කරනුයේ මීගමුවේ දේශාපාලන පාතාලය විසිනි.අපි අවස්ථා ගණනාවකදි මේ බව කරුණු සහතිව අපේ පාඨකයා වෙත ගෙන ආවෙමු.  වසර 4 කටවත් පවත්වනු ලබන මැතිවරණයන්ගෙන් බලයට පත්ව මහනගර සභා අඥා පනතේ වගන්ති ප්‍රකාරව  නගරය පාලනය කිරිම සිදුකළ යුතුව තිබුනද  මීගමුවේදි නම් සිදුනොවන්නේද එයමය. එය එසේ කරන්නට නොහැකිව ඇත්තේ දේශපාලකයන් කිපදෙනෙකු විසින් මේ නගරය තමන්ට රිසි සේ පාලනය කිරිමට පටන්
ගැනිමයි. නගරයේ සිවිල් පාලනයට පිටින් පාලනයක් මීගමුව තුල ගොඩ නගා ඇති හෙයින් මේ එය  අපට හදුන්වන්නට සිදුව ඇත්තේ දේශපාලන පාතාලය වශයෙනි.

නිදසුනක් ලෙසින් ගතහොත් කොච්චිකඩේ පොළ හා බැදුන සිදුවීම් කිපය ගැන විමසා බැලිම අපගේ ඉහත සදහන තේරුම් ගැනිමට ප්‍රමාණවත්ය.

කොච්චිකඩේ දුම්රිය පල අසල ඉඩමක මීට කලින් පවත්වාගෙන ගිය පොල එහෙම පිටින්ම පාලනය කළේ ඒ ප්‍ර දේශයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයෙක් විසිනි. මේ කාලය තුල අප දන්නා තරමින් කිසිදු ආදායමක් නගර සභාවට ලැබුනේ නැත. මේ මන්ත්‍රිවරයා සරත් පිළේ ප්‍රබලයෙක් විය. ආණ්ඩු පක්ෂයේ ලංසා පිළ මේ පොල ගැන පසුගිය කාලය තුල උනන්දු වුයේ ජනතාව වෙනුවෙන් හෝ නගර සභාවට ආදයම් ලබා දිමට හෝ මහනගර සභාවේ පාලනය තුලට එය ගැනිමට නොවන බව දැන් පැහැදිලි වන්නට පටන්ගෙන තිබේ. මේ පොල සරත් පිලෙන් ගලවා නගර සභාවේ පාලනය ගෙන ඒමට වත්මන නගර සභා පාලනය කටයුතු කෙරුණි.

නගර සභාවේ ක්‍රියාපටිපාටින්ට අනුව මේ පොල අළුත් බදුකරුවෙක් හට ලබා දි කොච්චිකඩේ නගර සභා කාර්යාලය අසලින් දිවෙන මාර්ගය තුල මේ පොල පැවැත්විණි.

එහෙත් පසුව තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක විය.එයට අනුව කොච්චිකඩේ දුම්රිය පළ අසල කලින් පොල පැවැති ඉඩම නගර සභාවේ ක්‍රියාපටි පාටින්ට පිටින් යමින් බද්දට ගැණුනි.

ඒ ස්ථානයේ නැවැත ‍මේ වෙනුවෙන් මීගමුවේ දේශපාලන අයියා මලෝලාගේ ඩිජිටල් බැනර්ද තැන තැන ප්‍රදර්ශනය කර තිබුනි.

එහි සදහන්ව තිබුනේ දුම්රිය පල අසලට නැවත පොල ගෙන යාම ගැන ජනතාව ප්‍රසංසා කරන බවය. කෙසේ වෙතත් මේ ස්ථානයේ සති කිපයක් පොල පවත්වා තිබුණ අතර මුදල්ද එකතු කර තිබුණි. එහෙත් මේ මුදල් එකතු කිරිම සිදු කර තිබුනේ නගර සභාව විසින් නිත්‍යාණුකුල ලෙසින් බදු ගන සිටි තැනැත්තා විසින් නොවේ.

දැන් මේ පාතාලය  පාලනය උත්සාහ දරන්නේ තමන්ගේ හිතවතෙක් වෙත මේ පොල පවරා දිමටය. පාරවල් කොන්ක්‍රිට් කිරිම සියල්ලට අරක් ගෙන සිටින්නෙක් ලෙස ප්‍රකට මේ තැනැත්තාගේ වාහනයේ  VIP යන ස්ටිකරයක්ද ප්‍රදර්ශනය කර ඇතැයි වාර්ථා වේ.

ඇත්තටම ඔහු very important person කෙනෙකි. නැතිනම් මහනගර සභාවේ නිත්‍යාණුකූල පටිපාටින්ට එරෙහිව යමින් පොලක් බදු දෙන්නට යන්නේ මොහු VIP නිසා නොවේද….???

හැබැයි ඒ මීගමුවේ ජනතාවට නම් නොවේ .ඔහුගේ දේශාපාලන හාම්පුතුන්ටය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here