මීගමුවේ පැරණි මහේස්ත්‍රාත් කාර්යාලය අසල ලයිට් කණු දෙකක් කඩාවැටෙයි

0
303

 

5153

පවතින අයහපත් කාලගුණය නිසා මීගමුවේ පැරණි මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ තිබුන දුරකථන කණු දෙකක් 27 වෙනි දින රාත්‍රී කඩා වැටී දුරකතන රැහැන් පද්ධතියට ද අලාභ හානි සිදුව ඇත.මේ නිසා දුරකථන බොහොමයක් ක්‍රියා විරහිත වී ඇති අතර ටෙලිකොම් ආයතනයේ සේවක පිරිස එය අලුත්වැඩියා කිරීමෙහි යෙදී සිටියහ.

ධීවරයන් ධීවර වෘත්තීයට නොයාම නිසා මීගමුවේ ප්‍රධාන මාළු වෙළඳපොළේ මාළු කපා ජීවත්වීමේ යෙදී සිටි පිරිසටද සිය රැකියාව අහිමි වීමෙන් ජීවත්වීමේ අසීරුතා තිබෙන බව එම අය පැවසූහ.

රේමන්ඩ් අපෝන්සු

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here