මීගමුවේ පැවැති වනචර පාලනයට නගරසභා ගේට්ටුවෙන් මෙහාට එන්න අපි ඉඩ තියන්නේ නෑ!

0
105
dav

roies 2

මීගමුව තුල ක්‍රියාත්මක වු තාත්තාලා සහ පුතාලාගේ වනචර පාලනයට නගර සභා ගේට්ටුවෙන් මෙහාට එන්නට අපි ලබන වසරේ ඉඩදෙන්නේ නැතැයි කියමින් මීගමුව එජාප ආසන සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතා කියා සිටියේය.
ඔහු මෙසේ කියා සිටියේ මීගමුවේ අඩුආදයම් පවුල් 180 ක් හට සිමෙන්ති බෙදා දිම අද මීගමුව මහනගර සභා භුමිය තුල පැවැති උත්සවයක් අමතමිනි.
ඔහු තවදුරටත් මෙසේද කියා සිටියේය.
පසුගිය කාලය තුල මේ අයියා මලෝ තාත්තාලගේ පාලනය විසින් මීගමුවට අහිමිකළ සියළු රාජ්‍ය දේපල සහ ආදායම් ගැන මේ වන විටත් පුළුල් පරික්ෂණයක් සදහා විශේෂ නිතිඥ මඩුල්ලක් විසින් මේ වන විටත් කටයුතු සුදානම් කරගෙන යමින් සිටින බවත් මේ කොල්ල කෑ සියළු සම්පත්වලට එරෙහිව අදාල සියළු පියවරයන් ගන්නා බවත් ඔහු අවධාරණය කර සිටියේය.
මේ අවස්ථාව සදහා කටාන එජාප ආසන සංවිධායිකා රෝස් ප්‍රනාන්දු ඇතුළු මීගමුව හිටුප නගාරික මන්ත්‍රින් රැසක් එක්ව සිටියහ.

Save