මීගමුවේ පිරිසිදු ආපනශාලා ඇතිවෙනවට අකමැති නගරාධිපති ජයවීරද ?සෞඛ්‍ය කමිටු සභාපති දායන්ද ?

0
53
Unicode
මීගමුවේ පැවැති හෝටලයක කුස්සියක්
මීගමුවේ පැවැති හෝටලයක කුස්සියක්

මීගමුවේ ආපනශාලා පළාත් පාලන නියමයන්ට අනුව H 800 වන වගන්තියට අනුව වර්ගීකරණය කිරිම සදහා වැඩසටහන් ආරම්භ කරන්නට යෙදුනේ නිමල් ලංසා මීගමුවේ නගරාධිපතිව සිටින කාලයේදිය.
එනම් මීට වසර 10 පෙර තරම් කාලයකදිය.
දැන් ඔහුකැබිනට් නියෝජ්‍ය ඇමතිවරයෙකි.ඔහුගේ සහෝදරයා  මීගමුවේ නියෝජ්‍ය නගරාධිපතිය.එමෙන්ම මීගමුව සෞඛ්‍ය කාරක සභාවේ සභාපතිවරයාද වෙයි.
මීගමුවේ හෝටල් වර්ගිකරණය කිරිම ගැන අප මහජන සෞඛ්‍ය නිලධාරින්ගෙන් විමසා සිටින අවස්ථාවෙදි ඔවුන් කියා සිටියේ තවත් මාසයකින් එය ඉටුකරනු ලබන බවය.
එහෙත් වසර ගණන් ගෙවුනද ඒ මාසය කවදාවත්ම පැමිණියේද නැත.
මෙවන් පසුබිමක් යටතේ මෙහි ඇති වැදගත්කම නගරාධිපති ඇන්ටනි ජයවීර හට කියා සිටියද අදටත් සිදුව ඇති සෙතක් නැත.
එපමණක් නොව මීගමුව එජාප ආසන සංවිධායක රොයිස් විජිත හටද මීගමුවෙ හෝටල් වර්ගිකරණයේ අවශ්‍යතාවය අවස්තා ගණනාවකදිම මතක් කර ඇත්තෙමු.
ඇන්ටනි ජයවීර නගරාධිපතිවරයාද  මේ උතුම් වැදගත් කටයුත්ත නිසි ලෙසින් සිදුකිරිම සදහා  පෙරමුණ ගන්නා බවක් නොපෙනේ .